2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

20න් පහළ රග්බි තරගාවලියට 15 වැනි වරටත් ‘සිංගර්’ අනුග‍්‍රහය

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 20න් පහළ ලීග් රග්බි තරගාවලියට 15 වැනි වසරටත් අනුග‍්‍රහය දැක්වීමට ‘සිංගර්’ ශ්‍රී ලංකා සමාගම ඉදිරිපත්ව සිටියි. 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම තරගාවලියේ 2017 වසර සඳහා අනුග‍්‍රහය පිරිනැමීම පසුගියදා කොළඹදී පැවැත්විණි. 

සිංගර් සමාගම 2003 වසරේ සිට අඛණ්ඩව අන්තර් පාසල් වයස 20න් පහළ ලීග් රග්බි තරගාවලියට අනුග‍්‍රහය දක්වන අතර ඊට අමතරව සිංගර් සමාගම සියලුම කාණ්ඩවල පාසල්වලට ද අනුග‍්‍රහය පිරිනමයි.

මෙම අනුග‍්‍රහය යටතේ ‘සිංගර්’ සමාගම පාසල් 100කට ආසන්න සංඛ්‍යාවකට මෙම වසරේදී අනුග‍්‍රහය දක්වයි.  අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පිරීස් සහ ‘සිංගර්’ සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමා සමරසිංහ යන මහත්වරුද සහභාගි වූහ. 

ඡායාරූපයේ දැක්වෙන්නේ

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අශෝක පිරීස් විසින් අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පිරිනමන ලද අවස්ථාව.  පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ අබේරත්න, ‘සිංගර්’ සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමා සමරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක ක‍්‍රීඩා සුනිල් ජයවීර යන මහත්වරැ ද සිටිති. 

♦ යොහාන් භාසුර
ඡායාරෑපය I ක‍්‍රිෂාන් ශෂික රණසිංහ