2016 අගෝස්තු 24 වන බදාදා

ඕස්ට්‍රේලියාව දණ ගැස්සූ ශ්‍රී ලංකාව ඉහළට

 2016 අගෝස්තු 24 වන බදාදා, පෙ.ව. 12:00 51

ඕස්ෙට්‍ර්ලියානු පිලට එරෙහිව අද (28) ආර්. ෙප්‍ර්මදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තේරීම සඳහා පැවැති තේරීම් තරගයකට පැමිණි පසුගිය කාලය පුරාම කථා බහට ලක්වූ ක‍්‍රීඩකයකු හරවා යෑවීමට ක‍්‍රිකට් තේරීම්වලට සම්බන්ධ ප‍්‍රධානියකු කටයුතු කළ බව දැනගන්නට තිබේ.

 

අවස්ථාව ලැබුණ ද දිගින් දිගටම අසාර්ථක වූ මෙම ක‍්‍රීඩකයා සංචිතයට රිංගවීමට ක‍්‍රිකට් ආයතනයේ උපදේශකයකු යැයි කියන හිටපු ක‍්‍රීඩකයකු තවමත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමින් සිටින බව මෙම සිද්ධියත් සමඟ පැහැදිළි වේ. 
සී.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම පුහුණු තරගයට සහභාගි වන කණ්ඩායම් තේරීම් කමිටුව ක‍්‍රිකට් ආයතනයට පෙර දින ලබාදී තිබියදී අදාළ ක‍්‍රිකට් උපදේශකයාගේ නිර්දේශ අනුව ඉහළ දක්‍ෂතා සඳහා තෝරාගත් විදේශ පුහුණුකරැවකු සංචිතයෙන් එළියට ගිය ක‍්‍රීඩකයාටද පුහුණු තරගයට සහභාගි වන ලෙස දුරකථනයෙන් දැනුම්දී ඇති බව වාර්තා වේ.
තේරීම්වලට ඇඟිලි ගැසීමට සූදානම් වුවහොත් තමන් මේක දමාගසා යන බවද අදාළ තේරීම් නිලධාරියා පවසා ඇති බව දැනගන්නට තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ක‍්‍රීඩකයාගේ කළමණාකරැවකු යැය කියන නිලධාරියකු ඇතුළු කීපදෙනකු තේරීම් කමිටු නිලධාරියාට දුරකථනයෙන් කතා කර ඇති බවද කියවේ.
ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත්ගේ සේවය ලැබුණද එක්දින තරගාවලියට හේරත් කෙනකු නැත. ඒ පිළිබඳව තේරීම් කමිටුව දැඩි අවධානය යොමු කරමින් දඟ පන්දුවෙන්ම ඕස්ෙට්‍ර්ලියාව අමාරැවේ දැමීමට සැළසුම් සකස් කර තිබේ.
ඒ අනුව ටෙස්ට් තරගාවලියේ දස්කම් අතරට පැමිණි ඩිල්රැවන් පෙරේරා එක්දින තරගාවලියට කැඳවා තිබේ. ධනංජය සිල්වා සහ ලක්‍ෂාන් සඳකැන් සඳහාද එක්දින සංචිතයේ ස්ථානය වෙන්කර තිබුණි.
තිසර පෙරේරා, මිලින්ද සිරිවර්ධන සහ සීකුගේ ප‍්‍රසන්න නැවත සංචිතයට කැඳවනු ලැබ සිටිති.  
එංගලන්තයේදී ශතක දෙකක් රුස්කළ යොවුන් පිලේ අවිෂ්ක ප‍්‍රනාන්දු ද සංවර්ධන කණ්ඩායමේ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අමිල අපොන්සු ද, මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. 
එංගලන්ත සංචාරය අහිමිවූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් එක්දින තරගාවලිය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.  
ශ්‍රී ලංකා එක්දින සංචිතය පසුගිය සිකුරාදා පෙරවරැව දක්වා නිල වශයෙන් නිවේදනය කර නොතිබුණි.  
ටෙස්ට් තරගාවලියේ සාර්ථකවත්ව මත වර්තමාන තේරීම් කමිටුවට කිසිවකුට දොස් නැගීමේ අවස්ථාවක් නොමැත. සනත් ජයසූරිය ප‍්‍රමුඛ වර්තමාන තේරීම් කමිටුව ගෙන ආ නවක ක‍්‍රීඩකයන්ගේ සාර්ථකත්වය මත තේරීම් කමිටුවට සෘජුව වැඩ කිරීමේ පරිසරය නිර්මාණය වී තිබේ. 
කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී කෞෂාල් සිල්වා ශතකයක් රුස්කිරීමෙන් තේරීම් කමිටුව තවදුරටත් ශක්තිමත් විය.
ඕස්ෙට්‍ර්ලියාවට එරෙහිව මෙම එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට එක්දින පිටියේ නැවතත් ජයග‍්‍රාහි මානසිකත්වය නිර්මාණය කරගැනීමට හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ. 
ශ‍්‍රී ලංකාව මේ වන විට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසු වන අතර ඕස්ෙට්‍ර්ලියාව පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. ශ්‍රී ලංකා පිල මෙම තරගාවලිය 5x0 කින් ජය ලැබුවහොත් ශ්‍රේණිගත කිරීමේ පියවර කීපයක් ඉදිරියට පැමිණීමේ අවස්ථාව තිබේ.
ශ්‍රේණිගත කිරීමේ පහළ සිටින කණ්ඩායම් ඉහළ කණ්ඩායමක් පරාජය කළහොත් වැඩි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලැබෙන අතර ඉහළ සිටින කණ්ඩායමේ ප‍්‍රසාද ලකුණුද අඩු වේ.  
ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 102ක් ලබා සිටින අතර පස්වැනි ස්ථානයේ සිටින එංගලන්තයට ප‍්‍රසාද ලකුණු 106 ක් හිමිව තිබේ. තෙවැනි සහ සිවුවැනි ස්ථානවල සිටින ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු 110 බැගින් ලබා සිටියි.
ඕස්ෙට්‍ර්ලියාව ප‍්‍රසාද ලකුණු 123ක් ලබා ප‍්‍රබල තත්ත්වය පසු වන අතර දෙවැනි ස්ථානයේ සිටින නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 113 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 3x0 ක ජයග‍්‍රහණයත් සමඟ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් රටවල් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානය දක්වා උසස්වීම් ලැබීය. 
මෙම තරගාවලිය ආරම්භ වන විට පළමු ස්ථානයේ පසුවූ  ඕස්ෙට්‍ර්ලියාව මෙම පරාජයත් සමඟ ප‍්‍රසාද ලකුණු 10 ක් අහිමිවෙමින් තෙවැනි ස්ථානය දක්වා පහතට තල්ලූ විය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ආරම්භ වන විට ලකුණු 85ක් ලබා සිටි අතර මෙම ජයග‍්‍රහණයත් සමඟ ප‍්‍රසාද ලකුණු 10ක් එකතු වීමෙන් ලකුණු 95ක් බවට පත්ව තිබේ. 
ඉන්දියාව මේ වන විට ප‍්‍රසාද ලකුණු 112ක් ලබා ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණ සිටින අතර පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 111ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වෙයි.
ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරගාවලියේදී ලැබූ ජය හේතුවෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ලෝලීන් තුළ නැවතත් උද්දීපනයක් ඇතිවී තිබෙන අතර පළමු එක්දින තරගයේ ප‍්‍රවේශපත් පසුගිය බදාදා වන විටත් අලෙවී අවසන්ව තිබූ බව වාර්තා වේ.
එස්.එස්.සී. ටෙස්ට් තරගය අවසන් දිනයේ ක‍්‍රීඩාංගණයට 9000කට අධික ෙප්‍ර්ක්‍ෂක සංඛ්‍යාවක් පැමිණ සිටියහ.   
ආරම්භක පිතිකරැවන් වන දිමුත් කරැණාරත්න සහ කෞෂාල් සිල්වා අසාර්ථක වීම හේතුවෙන් අවසන් තරගයේදී අවම වශයෙන් දිමුත් හෝ කණ්ඩායමෙන් ඉවත්කරනු ඇති බවට විශ්වාසයක් පැවතුණද අවසන් මොහොතේ එය වෙනස් විය.
දිමුත් පිට පිටම තෙවැනි තරගයේදී ද අසාර්ථක වීම නිසා එළඹෙන දකුණු අප‍්‍රිකානු සංචාරයේදී බොහෝ විට දිමුත් පිළිබඳව තීරණයක් ගනු ඇත. 
ශ‍්‍රී ලංකා එක්දින සංචිතය මෙසේය.
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප‍්‍රසන්න, ඩිල්රැවන් පෙරේරා, සුරංග ලක්මාල්, නුවන් ප‍්‍රදීප්, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, අවිෂ්ක ප‍්‍රනාන්දු සහ අමිල අපෝන්සු.

 යොහාන් භාසුර