2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

විජයබාහු මොටෝක්‍රොස් ලබන 25 දා කුරුණෑගලදී

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුව සංවිධානය කරන විජයබාහු මොටෝක්‍රොස් 2019 අගෝස්තු 25 වැනිදා කුරුණෑගල බෝයගනේ විජයබාහු මොටෝක්‍රොස් ධාවන පථයේදී පැවැත්වේ.

17 වැනි වරටත් පැවැත්වෙන විජයබාහු මොටොක්‍රොස් තරගාවලිය ශ්‍රී ලංකා ධාවන පැදිකරැවන්ගේ සංගමය හා එක්ව සංවිධානය කෙරේ. යුද්ධ හමුදාවේ හා දිවයින පුරා සිටින යතුරුපැදි ධාවකයන්ගේ ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අරමුණෙන් 2000 වර්ෂයේ ආරම්භ කළ තරගාවලියට මෙවර දෙස් විදෙස් තරගකරුවන් 100කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

ජාතිය වෙනුවෙන් දිවි පිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ හා දැනට සේවයේ නිරත විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස් කිරීම මෙම තරගාවලිය තුළින් සිදුවේ. ශ්‍රී ලංකා විජයබාහු පාබල රෙජිමේන්තුවේ  රෙජිමේන්තු අධිපති, මධ්‍යස්ථාන සේනාධි විධායක ඇතුළු ජ්‍යොෂ්ඨ නිලධාරීන්, අණ දෙන නිලධාරීන් හා සෙසු නිලයන්ගේ සංවිධාන ශක්තියෙන් මෙවර තරගාවලිය උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතය.

I විල්තෙර

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00