2017 මාර්තු 04 වන සෙනසුරාදා

තනතුරේ බලෙන් ඉන්න මට ඕනැ නෑ (- ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු)

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරේ අඛණ්ඩව කටයුතු කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම පරිදි තවදුරටත් කටයුතු කරන බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා ‘දේශය’ට පැවසීය. 

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය කල් යෑම පිළිබඳව කළ විමසුමේදී හේමසිරි මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
මම වසර 4ක සිට කියනවා මම තනතුරෙන් ඉවත් වෙනවා කියලා. අයි.ඕ.සී. එකෙන් තමයි කියන්නේ ක‍්‍රීඩා නීතියේ වැඩේ කරලා යන්න කියලා   ඔලිම්පික් කමිටු සභාපති තනතුරේ ඉන්න මට කිසිම  ඕනෑකමක් නෑ, මොකද මම නැවත නිලවරණයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. නිලවරණය පවත්වන්න අත්‍යාවශ්‍ය කටයුතු ටිකක් තියෙනවා. ඒවා ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් වෙන්න ඕනේ. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (අයි. ඕ.සී.) ඒවා කරනකන් බලාගෙන ඉන්නවා
ක‍්‍රීඩා පනතේ සංශෝධනයට මම එපා කියපුවා දැම්මා. දැන් ඔක්කොම අනාගෙන. වයස 70 සීමාව දාන්න එපා කිව්වා ඇහුවෙ නෑ. විරෝධතාවය නිසා දැන් ඒක ඉවත් කළා.

ඔලිම්පික් කමිටුවේ ව්‍යාවස්ථාවත් අයි.ඕ.සී. එකට යවලා තියෙනවා. එය අනුමතවී තාම ලැබී නෑ. ඒ සියලුම දේවල් සම්පූර්ණ වෙන්න ඕනේ නිලවරණය තියන්න යැයි හේමසිරි මහතා වැඩි දුරටත් පැවසීය.

සටහන: භාසුර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00