2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

තිලංගගේ භූමිකාවට රතුඑළි පත්තු වෙයි

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 242

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන විධායක කමිටුව නියෝජනය කිරීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ආසන්නතම හිටපු සභාපතිවරයා එහි විධායක කමිටුවට නිරායාසයෙන්ම සාමාජිකත්වය ලබයි. ඒ අනුව සුමතිපාල මහතා මේ වනවිට ක‍්‍රිකට් විධායක කමිටුවට පත්ව සිටියි. සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජනය කිරීමෙන් ඔබ්බට ගොස් අන්තර්ජාතික කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ධූරයට ද පත්කර තිබේ. 

එම පත්වීම පිළිබඳව සොයා බලන ලෙස කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය, මීගමුව ක‍්‍රිකට් සමාජය සහ ෂේවියර්රයිට්ස් ක‍්‍රීඩා සමාජය ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයාගේ අදහස් විමසා ඇති අතර එයට පිළිතුරු ලැබීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි වාර්තා වේ. සුමතිපාල මහතාගේ මෙම පත්වීම නීතියේ හිඩැසින් රිංගායෑමක් බවට ක‍්‍රිකට් පරිපාලනයේ ඇතැම් ප‍්‍රවීණයෝ පවසති. සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් නොවීම පාර්ශව කීපයක් නොමඟ යැවීමක් ලෙසද ඇතැම්හු පෙන්වා දෙති. 

“ඔහු ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීම පිළිබඳව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණා. ඉන්පසුව ඔහු ප‍්‍රකාශ කර තිබුණා නිලවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. ඒ අනුව අධිකරණයේ නඩුව විභාග වෙද්දී නිලවරණය පැවැත්වුවා. ඔහු දැන් ක‍්‍රිකට් ව්‍යවස්ථාවට අනුව විධායක කමිටුවට පත්වෙලා තියෙනවා. මම හිතන්නේ මෙයත් අධිකරණයටම විසඳන්න වෙයි කියලා” යැයි එම ප‍්‍රවීණ ක‍්‍රිකට් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම මෙවර නිලවරණයේදී ලේකම් ධූරයට තරග කළ නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයේ එම නඩුව ගොනුකර ඇති අතර එය ලබන ජූනි මස නැවත කැඳවීමට නියමිතය.

‘රණතුංග’ පාර්ශවයේ නිලධාරියකු පැවසුවේ තමන් මෙම නඩුව ඉදිරියට ගෙන යන බවයි. “අපි ඒ නඩුවෙන් ඉල්ලා සිටියේ සුමතිපාල මහත්මයට නිලවරණයට ඉදිරිපත් වෙන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ විධායක කමිටුවට එන්න දෙන්න එපා කියලා. දැන් ඔහු පිට පාරෙන් විධායක කමිටුවට ඇවිල්ලා” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

වර්තමාන පාලනය පසුගියදා ඩුබායිහිදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වීමේ අවස්ථාවට ද සුමතිපාල මහතා පිටත්ව ගියද ඒ මහතා රැස්වීමට සහභාගි නොවූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන පරිපාලනය තුළ බෙලි කැපිලි වඩාත් හිස ඔසවා ඇති බවද දැනගන්නට තිබේ. ‘රණතුංග’ පාර්ශවයට ඡන්දය දුන් සහ සහාය දැක්වූ පුහුණකරුවන් සහ කණ්ඩායම් කළමණාකරැවන් ඉවත්කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. 

විශේෂ ලියුම්කරුවකු විසිනිශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන විධායක කමිටුව නියෝජනය කිරීම පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව ආසන්නතම හිටපු සභාපතිවරයා එහි විධායක කමිටුවට නිරායාසයෙන්ම සාමාජිකත්වය ලබයි. ඒ අනුව සුමතිපාල මහතා මේ වනවිට ක‍්‍රිකට් විධායක කමිටුවට පත්ව සිටියි. සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජනය කිරීමෙන් ඔබ්බට ගොස් අන්තර්ජාතික කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ධූරයට ද පත්කර තිබේ.

එම පත්වීම පිළිබඳව සොයා බලන ලෙස කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය, මීගමුව ක‍්‍රිකට් සමාජය සහ ෂේවියර්රයිට්ස් ක‍්‍රීඩා සමාජය ක‍්‍රීඩා අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට අනුව ක‍්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයාගේ අදහස් විමසා ඇති අතර එයට පිළිතුරු ලැබීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි වාර්තා වේ. සුමතිපාල මහතාගේ මෙම පත්වීම නීතියේ හිඩැසින් රිංගායෑමක් බවට ක‍්‍රිකට් පරිපාලනයේ ඇතැම් ප‍්‍රවීණයෝ පවසති. සුමතිපාල මහතා නිලවරණයට ඉදිරිපත් නොවීම පාර්ශව කීපයක් නොමඟ යැවීමක් ලෙසද ඇතැම්හු පෙන්වා දෙති. 

“ඔහු ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වීම පිළිබඳව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණා. ඉන්පසුව ඔහු ප‍්‍රකාශ කර තිබුණා නිලවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. ඒ අනුව අධිකරණයේ නඩුව විභාග වෙද්දී නිලවරණය පැවැත්වුවා. ඔහු දැන් ක‍්‍රිකට් ව්‍යවස්ථාවට අනුව විධායක කමිටුවට පත්වෙලා තියෙනවා. මම හිතන්නේ මෙයත් අධිකරණයටම විසඳන්න වෙයි කියලා” යැයි එම ප‍්‍රවීණ ක‍්‍රිකට් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම මෙවර නිලවරණයේදී ලේකම් ධූරයට තරග කළ නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයේ එම නඩුව ගොනුකර ඇති අතර එය ලබන ජූනි මස නැවත කැඳවීමට නියමිතය. 

‘රණතුංග’ පාර්ශවයේ නිලධාරියකු පැවසුවේ තමන් මෙම නඩුව ඉදිරියට ගෙන යන බවයි. “අපි ඒ නඩුවෙන් ඉල්ලා සිටියේ සුමතිපාල මහත්මයට නිලවරණයට ඉදිරිපත් වෙන්න දෙන්න එපා කියලා. ඒ කියන්නේ විධායක කමිටුවට එන්න දෙන්න එපා කියලා. දැන් ඔහු පිට පාරෙන් විධායක කමිටුවට ඇවිල්ලා” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

වර්තමාන පාලනය පසුගියදා ඩුබායිහිදී අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වීමේ අවස්ථාවට ද සුමතිපාල මහතා පිටත්ව ගියද ඒ මහතා රැස්වීමට සහභාගි නොවූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් වර්තමාන පරිපාලනය තුළ බෙලි කැපිලි වඩාත් හිස ඔසවා ඇති බවද දැනගන්නට තිබේ. ‘රණතුංග’ පාර්ශවයට ඡන්දය දුන් සහ සහාය දැක්වූ පුහුණකරුවන් සහ කණ්ඩායම් කළමණාකරැවන් ඉවත්කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

I විශේෂ ලියුම්කරුවකු විසිනි