2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ක්‍රිකට් නිලවරණය සීසෝවේ

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

ක‍්‍රීඩා අමාත්‍යවරයා ක‍්‍රිකට් නිලවරණය කල්දැමීමට දරන උත්සාහයට නිලවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන පාර්ශව දෙකම විරෝධය දැක්වුවද එය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට බියක් දක්වයි. එම තත්ත්වය හමුවේ පාර්ශ්ව දෙකම වෙනත් ආකාරයෙන් එය ප‍්‍රකාශ කිරීමට පෙළඹී සිටියි. 

නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත්කර මෙම සටහන තබන මොහොත වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණද විරෝධතා 15 ට සිදුවූ කුමක්ද යන්න මේ දක්වා ප‍්‍රසිද්ධියට පත්කර නොමැත. සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන හිටපු සභාපතිවරයකුට ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණද, නොලැබුණද, ක‍්‍රිකට් නිලවරණය නැවතත් අධිකරණයට යන තත්ත්වයක් පසුගිය සතිය වන විට නිර්මාණ වී තිබුණි.

සභාපති ධූරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන නිලධාරියකු පැවසුවේ අදාළ අපේක්‍ෂකයා පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනොමැති වීම නිසා ඔහුට නිලවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි.

"විරෝධතා ඉදිරිපත් වෙන්න ඕනේ නෑ. නාමයෝජනා පත‍්‍රය පරීක්‍ෂා කරලා නිලවරණ කමිටුව අවසර ලබාදිය යුතුයි" යැයි මේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.  

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන පෙබරවාරි මස 7 වැනිදා පවත්වනවාද නැද්ද යන තීරණය මෙම සතියේදී ගන්නා බවට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා තිබුණි. 

I වරකාගොඩ ගමගේ