2019 ජනවාරි 12 වන සෙනසුරාදා

හතරවරම් නිලධාරියෙක් ඇමැති අල්ලාගෙන තනතුරු දඩයමක!

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් තනතුරක් දරමින් සිටියදී විවිධ චෝදනා එල්ලවීම නිසා ස්ථාන මාරුවක් ලැබූ නිලධාරියකු නව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා යටතේ කැබිනට් පත‍්‍රිකාවක් ඔස්සේ නැවතත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ උසස් තනතුරට ඒමට සූදානම් වන බව වාර්තා වේ. මෙම පුද්ගලයාට එරෙහිව ජාතික මහා ක‍්‍රීඩා උළෙලට සම්බන්ධ මූල්‍ය චෝදනා ඇතුළු චෝදනා රැසක් ඉදිරිපත්ව තිබූ බව දැනගන්නට තිබේ.

මෙම පුද්ගලයාගේ සමීප ඥාතියකු රාජ්‍ය අංශයේ උසස් තනතුරක් දරන බවත් ඊට අමතරව වර්තමාන රාජ්‍ය සේවයේ උසස්ම තනතුරු දරන පුද්ගලයන් රැසක් සමඟ ඇති සම්බන්ධකම් උපයෝගිකරගනිමින් ඔහු මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කරන බවත් වාර්තා වේ.

ඔහු මීට පෙර තනතුරේ කටයුතු කළ අවධියේදී ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය සම්බන්ධයෙන්ද කටයුතු කර ඇති බවත් එහිදී ඔහු සහයෝගය දැක්වූ පාර්ශවයේ නිලධාරියකු මේ වනවිට දරන තනතුර ද ප‍්‍රයෝජනයට ගනිමින් සිටින බව දැනගන්නට ලැබේ. මෙම නිලධාරියා මීට පෙර ලැබූ ස්ථාන මාරැව සම්බන්ධයෙන් අධිකරණයට ගිය බවත් දැනගන්නට තිබේ.