2018 මාර්තු 10 වන සෙනසුරාදා

අලුතින් මතුවන 2016 කබඩි “වංචා” කතාව

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

ඉන්දියාවේදී 2016 වසරේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ සහාය පුහුණුකරුවකු යැයි පවසමින් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ලබාගත්තේ යැයි කියන නිලධාරිනියකට එරෙහිව මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.

එම ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමේ කාන්තා නිලධාරිනිය ලෙස සහභාගි වූයේ යැයි කියන නිලධාරිනියක් එහිදී තමන් සහය පුහුණුකරු ලෙස කටයුතු කළ බවට වාර්තාවක් ලබා දෙමින් ලක්‍ෂ දෙකකට ආසන්න මුදලක් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් පරීක්‍ෂණයක් කළ ද ඇයට කිසිදු දඬුවමක් හෝ මුදල් අයකර ගැනීමට සිදුවී නොමැති බව වාර්තා වේ. අදාළ නිලධාරිනිය මේ දක්වා ක‍්‍රීඩා අමාත්‍යංශයේ වැටුප් ලබන සේවයේ නිරතව සිටින බව දැනගන්නට තිබේ.

කබඩි කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස සහභාගි වීමට නියමිතව සිටි නිලධාරියා කිසියම් හේතුවක් මත ක‍්‍රීඩා උළෙලට සහභාගි නොවූ අතර එම සිද්ධිය ප‍්‍රයෝජනය ගනිමින් චෝදනාලාභී නිලධාරිනිය මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ. 

අදාළ නිලධාරිනිය සහය පුහුණුකරු ලෙස කටයුතු කළ බවට ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ හිටපු උසස් නිලධාරියකු වාර්තාවක් ලබාදී ඇති බවට ද පැමිණිලි ලැබී තිබේ. කෙසේ වෙතත් එම නිලධාරිනිය ක‍්‍රීඩා උළෙලට කබඩි පුහුණුකරුවන් පත්කිරීම සඳහා පැවැති සම්මුඛ පරීක්‍ෂණයට හෝ සහභාගි වී නොමැත.

මෙම සිද්ධිය පිළිබඳව ක‍්‍රීඩා උළෙලෙන් මාස පහකට පමණ පසු ක‍්‍රීඩා අමාත්‍යංශයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳව කළ පරීක්‍ෂණ වාර්තාවක් හෝ නොමැති බව දැනගන්නට තිබේ. කබඩි ක‍්‍රීඩාවට සම්බන්ධ නිලධාරියකු පැවසුවේ මෙවැනි මූල්‍ය වංචාවක් කළ නිලධාරිනියක් මේ දක්වා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සේවය කිරීම විමතියට කරුණක් බවයි. 

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00