2017 මැයි 06 වන සෙනසුරාදා

ඉන්දියානු ක්‍රිකට් බලධාරියෝ ශූරයන්ගේ කුසලාන හොල්ලති

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171

ඉන්දීය කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගීවීම නැවැත්වීමට නිලධාරින් පිරිසක් උත්සාහ කළත් ඊට කිසි ලෙසකින් වත් ඉඩ නොදෙන බවත් ඉන්දීය කණ්ඩායම අනිවාර්යෙන්ම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන බවත් එරට නිලධාරීහු පිරිසක් පවසති. 

ඒ අනුව අවසාන වරට ශූරයන්ගේ කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියේදී ජූනි 4 වැනිදා එජ්බැස්ටන්හිදී පාකිස්තාන කණ්ඩායම හා තරග වැදීමට නියමිතය. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණය ගැනීමේ බලය සහිත පිරිසක් එරට ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන බව ප‍්‍රකාශ කර තිබේ. 

අන්තර්ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලන සහ ආදායම් ප‍්‍රතිසංස්කරණ කිරීමෙන් බලපෑමට ලක්වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙලෙස ඉන්දීය කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරගැනීමට උත්සාහ කළ බව අදාළ නිලධාරීහු පවසති. 

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී කරවන්නේද නැද්ද තීරණය කිරීම සඳහා හදිසි මහ සභා රැස්වීමක් කැඳවීමට අෙප්‍ර්ල් 19 වැනිදා තීරණයක් ගත් තවත් නිලධාරීන් පිරිසක් පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීම්වලට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගියහ. 

ඉන්දීය කණ්ඩායමේ සංචිතය නියමිත දිනයට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දැනුම් නොදුන් අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අභ්‍යන්තරයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය උග‍්‍ර වීමත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කිරීමට නව ප‍්‍රතිසංස්කරණවලට ඉන්දීය නිලධාරීන් පිරිසක් විරුද්ධ වීමත් මෙම තත්ත්වය ඇතිවීමට හේතු විය. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ මහ සභා රැස්වීම මැයි 7 එනම් අද දින පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම රැස්වීමේ තීන්දු තීරණ අන්තර්ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දීමට නියමිතය. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මහ සභා රැස්වීම මැයි 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ අතර තව තවත් කණ්ඩායම නම් කිරීම ප‍්‍රමාද වන බැවින් එයට සුදුසු දිනය මැයි 5 හෝ 7 වූ බවත් ඒ අනුව මැයි 7 වැනිදා විශේෂ මහ රැස්වීම පැවැත්වෙන බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කරන ලද පරිපාලකයන්ගේ කමිටුවේ සභාපති විනෝද් රායි පැවැසීය. 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වීම නැවැත්වීම සඳහා පිරිසක් උත්සාහ කරනු ඇති බවත් එම උත්සාහය පරදවා ඉන්දීය කණ්ඩායම අනිවාර්යෙන්ම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී කරන බවත් නිලධාරීන් පිරි පැවැසූහ. 

බෙංගාල ක්‍රිකට් සංගමයේ සභාපති, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්තර විචාරක මඬුල්ලේ නියෝජිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සව්රව් ගංගුලි, ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව හමුවේ අදහස් දැක්වීමට නියමිතය. ඔහුට අමතරව උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ රජිව් ශුක්ලා, මහාරාෂ්ඨයේ අබේ ආප්තේ සහ ආනන්ද් ජයිෂ්වාල් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී කරවීම සඳහා මුල්තැන ගන්නා නිලධාරීහූ වෙති. 

 හර්ෂණ තුෂාර සිල්වා
ද හින්දු ඇසුරිනි

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00