2019 ජුලි 06 වන සෙනසුරාදා

නවසීලන්තය - පාකිස්තානය අන්තිම මොහොතේ සටනක

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

එංගලන්තයේදී දැන් පැවැත්වෙන 12 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ  පළමු වටයේ අවසන් දිනට පෙර දිනය වූ පසුගිය සිකුරාදා පාකිස්ථානය සහ බංගලාදේශය අතර තරගය පාකිස්ථානයට අර්ධ අවසන් පූර්ව තරගයක් බවට පත්ව තිබුණි.

වැඩි කාලයක් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි නවසීලන්තය පසුගිය සතියේ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජයන් හමුවේ පසු බැස්සේය. ඒ හේතුවෙන් නවසීලන්තය සිව්වැනි ස්ථානයට ඇද වැටුණි.
ඕස්ට්‍රේලියාව (ප‍්‍රසාද ලකුණු 14), ඉන්දියාව (ප‍්‍රසාද ලකුණු 13) සහ එංගලන්තය ප‍්‍රසාද ලකුණු 12* ඒ වන විටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිය ද අවසන් සිවුදෙනාගේ වටයේ ස්ථාන තීරණය වීම සඳහා පළමු වටයේ අවසන් දිනය වූ ඊයේ (06) තරග දෙක අවසන් වන තෙක් ඉවසීමට සිදුවිය.

සත්කාරක එංලන්තය පසුගිය බදාදා නවසීලන්තය ලකුණු 119 කින් පරාජය කරමින් බ්‍රිතාන්‍ය ජනතාවගේ බලාපොරොත්තු ඉහළ නංවමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. එංගලන්තය එම තරගයෙන් ජය ලබා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 ක් බවට පත්කර ගත්තේය.

පාකිස්ථානය සහ බංගලාදේශය අතර පසුගිය සිකුරාදා ලෝඩ්ස් ක‍්‍රීඩාංගණයේදී ද, පැවැත්වීමට නියමිතව තිබූ තරගය වඩාත් තීරණාත්මක වී තිබුණි.

එංගලන්ත පිල ශ‍්‍රී ලංකාව හමුවේ ලැබූ අනපේක්‍ෂිත පරාජයත් සමඟ අවදානම් තත්ත්වයකට පත්වූවද පසුගිය ඉරිදා ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමත් සමඟ යළිත් හිස එසවීය.

ඒ හේතුවෙන් නවසීලන්තයට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්ථානය සහ බංගලාදේශය අතර තරගයේ ප‍්‍රතිඵලය දෙස බලා සිටීමට සිදුවේ. එම තරගයෙන් පාකිස්ථානය ජය ලැබුවහොත් පාකිස්ථානය සහ නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 11 බැගින් සම තත්ත්වයට පත්වේ.

එහිදී නවසීලන්තය සහ පාකිස්ථානය අතර ජය ලැබූ තරග සංඛ්‍යාව ද පහ බැගින් සමවීම නිසා ශුද්ධ ලකුණු වේගය සැළකීමට සිදු වේ. එහිදී ශුද්ධ ලකුණු වේගය අනුව එක කණ්ඩායමට ඉවත් වීමට සිදුවේ.

නවසීලන්තය මේ වනවිට ධන ශුද්ධ ලකුණු වේගයක් පවත්වාගෙන යෑම නිසා පාකිස්ථානය සෘණ ශුද්ධ ලකුණු වේගයක සිටීම නිසාත් එය පසුකර යෑමට බංගලාදේශයට එරෙහිව ජයග‍්‍රහණය පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඒ අනුව පාකිස්ථානයට ජයග‍්‍රහණය තුළ ද ඉලක්කයක් හිමි වීමට ඉඩ තිබේ.

පළමු අවසන් පූර්ව තරගය ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ සිව්වැනි ස්ථාන අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගයේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි කණ්ඩායම් අතර ද පැවැත්වේ.

එම ස්ථාන හතර පසුගිය බදාදා එංගලන්තය සහ නවසීලන්තය තරගය අවසන් වන තෙක් ස්ථිර වී නොතිබුණි.
අවසන් පූර්ව තරග කිසියම් හේතුවක් මත නියමිත දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් පසු දින අතිරේක දිනය වන අතර තරගය සම වුහොත් ‘සුපර් ඕවරයක්’ ක‍්‍රියාත්මක වේ. එසේ ද සම වුවහොත් පළමු වටයේ ඉහළින් සිටි කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

 යොහාන් භාසුර, 
    එංගලන්තයේ ලීඩ්ස් සිට...

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00