2018 ජුලි 07 වන සෙනසුරාදා

විජයකලා රන්ජන්ට කියූ රටට නොඇසුණු කතාව

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 409

ගෙවුණු සතියේ ලාංකික දේශපාලන කරළිය දැඩි ලෙස උණුසුම් වූයේ විශේෂ ප්‍රකාශයක් නිසාවෙනි. මෙම ප්‍රකාශය සිදුකළේ ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් නිල මෙහෙවර ව්‍යාපෘතිය යටතේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත නැගී සිටිය යුතුය යන අදහස සහිත මෙම ප්‍රකාශයත් සමඟ මෙරට විශාල දේශපාලන සංවාදයක් ඇතිවුණි. කතානායකවරයා මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නීතිපතිවරයාට භාරදුන් අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ද මහා කලබගෑනියක් හැටගැනිණි.

පක්ෂ විපක්ෂ චෝදනා මතවාද මෙම ප්‍රකාශයත් සමඟ උණුසුම් වනවිට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රශ්නයට පැටලුණේය. අමාත්‍යවරයා තමා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී විජයකලා මහේෂ්වරන් වෙත දුරකතන ඇමතුමක් ගත්තේ මාධ්‍ය ඉදිරිපිටය. ඇය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විමසුවේය. මෙහිදී විනාඩි 20ක පමණ දීර්ඝ දුරකථන සංවාදයක් පැවැත්විණි.

එම සංවාදයේ පැහැදිලිව සාකච්ඡා වූ කොටස් මෙසේ සටහන් කරමු.

හෙලෝ.... Yes....

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක: ආ... මිසිස් විජයකලා මහේෂ්වරන්.

ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්: ඔනරබල් මිනිස්ටර්.... හව් ආ... යූ...

කොහොමද? හව් ආ යූ...

අයිම් ෆයින්.

මොකක්ද මේ කරලා තියෙන්නේ මිනිස්ටර් විජයකලා?

මොකද...?

අර ඔයා දැන් එල්.ටී.ටී.ඊ. එකේ.... මේ ගොල්ලන්ගේ රේප් කේස් එකට එල්.ටී.ටී.ය ආයේ ඕනා කියන්නේ.

කවුද කිව්වේ...?

ඇයි ඔයා කියලා තියෙන්නේ.... මේ පේපර්ස් හැම එකේම යනවනේ... දෙමළ ජනතාවට නිදහසේ ඉන්න ඕනේ. එල්.ටී.ටී.ඊ.ය ඕනා කියලා... ඇයි එහෙම කිව්වේ?

අයියෝ... කවුද කිව්වේ.... ඒක බොරු අප්පා....

ඒක බොරුද? ඔයා කිව්වේ නැද්ද?

නෑ මම කිව්වා.... ඒ කාලේ මේවගේ ප්‍රශ්න මුකුත් ආවේ නෑ.

හැබැයි ඉතින් මතකද අර විද්‍යාව දූෂණය කරපු රේපිසුත්.... අයි රිමෙන්බර් දෙයා ඊස් අ ඇලිගේෂන් යූ පොටෙක්ට් හර්... නෝව්... හී කෙම් ඇන්ඩ් හයිඩින් ඉන් යුවර් ප්ලේස්....

නෑ රන්ජන්..... ඉන්නකො ටූ තවුසන් ටුවෙල් (2012) එකේ අපේ ගමට කරෙයිනගර් මෙහෙ දී එක ගෙදර කෙල්ලෝ අවුරැදු හතත් අවුරුදු නවයත් රන්ජන් ඒගොල්ලන්වත් රේප් කරා....

ඔව්....

ටූ තවුසන් ෆිප්ටින් (2015) එකේ පුදුකුඩුරිප්පු විද්‍යාගේ කේස්. ඊට කලින් ටූ තවුසන් ෆෝටීන් (2014) ඩෙල්ෆ්ට් එකේ එක ළමයෙක් මේ වගේ රේප් කරලා මර්ඩර් කළා.... ඊට පස්සේ රන්ජන් අපේ ගමට යන්න කලින් බටගොඩ. ඒක අවුරුදු හයයි. එයාවත් රේප් කරලා මර්ඩර් කරලා තියෙනවා.

ඔව්... ඔව්....

ඊට........ (පැහැදිලි නැත) කලින් සික්ස්ටි නයින් ඊයස් ඕල්ඩ් අම්මා එයාගේ හස්බන්ඩ් ඉස්සරහා රේප් කරලා ගහලා.

ඉතින් ඔනරබල් මිනිස්ටර් මේක රේප් කරලා තියෙන්නේ එයාගේ රිලේශන්ස්ලා නේද? මේ ස්කූල් ගර්ල්ව රේප් කරලා තියෙන්නේ?

නෑ...නෑ... නෑ... ඒක ඔක්කොම නිකන් අර ඩ්‍රග්ස් කට්ටිය. රන්ජන්... මාමා... අයියා... නෑදෑ කට්ටිය කවුරුත් කවුරැත් සම්බන්ධ නෑ.

ඒ කියන්නේ කුඩු ගහලද?

ඔව්... කුඩු කුඩු තනිකර... සම්පූර්ණ වෙන පැත්ත... නෑදෑ කට්ටියගේ ප්‍රශ්න එනවා මෙහෙම රේප් කරන කොට....

ඔයා කියලා තිබුණ මේ ගවන්මන්ට් එකෙන් ඉඩම් ටික නිදහස් කරලා දුන්නා කියලා. ඒක රියල් ඇප්‍රිසියේට් දැට්..... නමුත් මම හිතන්නේ ප්‍රසිඩන්ට් වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ ජැෆ්නාවලට. මම හිතන්නේ ප්‍රසිඩන්ට් කැම්පේන් එකකුත්.....

ප්‍රසිඩන්ට් වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ..... වතුර හදන්නනේ.... එයා ආවේ.... එයා අපේ මිනිස්සුන්ගේ මේක බලන්න ආවේ නෑනී.... (පැහැදිලි නැත) ඔය අපි කොච්චර මහන්සි කරත්....

බට් අයි හර්ඩ් යුවර් හස්බන්ඩ් ඕල්සෝ ඇසසිනේටඩ් බයි එල්.ටී.ටී.ඊ. නෝව්... මිස්ටර් මහේෂ්වරන් ඉන් කලම්බෝ.

නෑ.... පිස්සුද රන්ජන් ඔයා දැක්කද ඔයා එතන හිටියද එල්.ටී.ටී.ඊ. ෂූට් කරන කොට....

ඉතින් හැබැයි ඔයාගේ සොලියුෂන් එක වැරදිනෙ විජයකලා... ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ. ආයේ ගේන්න කියන්නේ.

නෑ... නෑ.... මම ගේන්න කිව්වේ නෑ රන්ජන්.... අයියෝ ආයේ ගේන්න කිව්වේ නෑ... ඒගොල්ලන්ගේ කාලේ පීස් ෆුල් සෙකුරිටි...... (පැහැදිලි නැත)

නෑ... නෑ... ඔයාගේ ස්ටේට්මන්ට් එකේ තියෙන්නේ විජයකලා දෙමළ ජනතාවට නිදහසේ ඉන්න එල්.ටී.ටී.ඊ. ගේන්න කියලා. ඒක හොඳ මදියි. නිවැරදි කරන්න ඒක. නොට් ගුඩ් ෆෝ ද ගවර්මන්ට් නේ....

ඒක කතාකරන කොට ටෙන්ශන්නේ රන්ජන්.... කතා කරනකොට පැටලෙන තැන් තියෙනවා.... (පැහැදිලි නැත)

බලන්න කර්නල් ප්‍රියාද් බන්දු මතකද රී හැබිල්ටේශන් කෑම්ප් එකේ කොච්චර ඇඬුවද එයා යද්දී.... ඒ වගේ ජනතාව යාළු කරගෙන රිහැබිල්ටේට් කරගන්නවා මිසක් මෙහෙම එල්.ටී.ටී.ඊ. එනවා කියලා කියන්න එපා. ඔනරබල් මිනිස්ටර් ඒක හොඳ නෑ. දැස්ට් නොට් ගුඩ්.

නෑ... නෑ... ඒක කියන්නේ නෑ රන්ජන් ඔයා ගණන්ගන්න එපා. දකුණේ රනිල්ලා පරාද කරන්න මීඩියා මේක කරනවා.

ඔව්...

ඒක පාරේ ඉන්න මීඩියාට අපි කියන්නේ යන්න ඕනේ නෑනේ රන්ජන්.

සිනාහසෙයි.

දැන් බලන්න ඔයාට කොච්චර තරහා එනවද කියලා ඔයාට අම්මා හිටියොත්... ඔයාට දුව හිටියොත්... මොනවා හරි වුණොත්... ඔයාට කොච්චර කේන්ති ගිහින් තියෙනවාද?

බට් වී සපර් මෝ දෑන් තර්ටි ඉයර්ස් නේද? වී වෝන් නීඩ් අනද වෝර්.... මිසිස් මහේෂ්වරන්?

අපි කවුරුත් වෝර් එකට කැමැති නෑ දන්නවනේ ඔයා... අපි දැන් ඉල්ලනවා පාඩුවෙ ඉන්න. සලකන් නැතුව කමක් නෑ. ජොබ් දෙන්නැතුව කමක් නෑ. ඩිවලප් කරන් නැතුව කමක් නෑ.

හැබැයි ඉතින් ඔයා කියලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙන්නේ ඉඩම් ටික දුන්නේ. ඉඩම් ටික නිදහස් කරලා ඉන්න කියලා ඔයා ඒ කතාවෙම කියනවානේ....

වෙන මොනවද  ඒ ගොල්ලෝ කරලා තියෙනවා. ඔයා බලන්න ඔයාගේ කට්ටිය නෑ වගේ.... ඔයාගේ මිනිස්ට්‍රියේ ඔයා ගෙනැල්ලා වෙන අයව ජොබ් එකේ දානවා. මගේ නම තාම මෙතන ආවේ නෑ මම හොයලා බලනවා.

බට් යුවර් පෙරිය පනක්කාරම් නෝ... යුවා ලිවින් ඉන් වෙරි ලක්ෂරි ලයිෆ්. ඉන් මොකක්ද ග්‍රෙගරි රෝඩ් එකේ ඉන්නවා.. ඔයාට නැව් තියෙනවා... ඉතින් යූ කැන්.....

ඒක අයියා.... මගේ..... සල්ලි. මගේ ළමයා ජීවත් වෙන්න ඕනා... ඔයාගේ ළමයා ජීවත් වෙන්න වගේ සල්ලිවලින්.... පැහැදිලි නැත. ගවර්මන්ට් එකේ තියෙනවා සල්ලි.

බට් ඔයා කොළඹ ඇවිල්ලා ඕවා කියන්නෙ නෑනේ....

(පැහැදිලි නැත) නයින් ප්‍රොවින්ෂල් එකේ නෝත් ඊස්ටන් ප්‍රොවින්ෂල් එකේ ඇර වෙන ප්‍රොවින්ෂල්වල යුද්දෙ නෑනේ....

නමුත් ඉතින් කලම්බොත් බෝම්බ පිපිරුවානේ... ඒ සේරම නැවතුනානේ ටූ තවුසන්ට් එයිටි (2008) වලින්....

ඕගොල්ලො දන්නවද අපිට නවත්තන්න ඕන ප්‍රශ්න. ඩ්‍රග්ස්... ඩ්‍රග්ස් නම් නවත්තන්න ඕන. උතුරට කිසිම ඩ්‍රග්ස් එන්න බෑ... ඔක්කොම සවුත්තු කරලා පොලිසිය දාලා තියෙන්නේ උතුරේ....

ඒ කියන්නේ ඔය ඩ්‍රග්ස් අරන් තමයි රේප් කරන්නේ ඔක්කොමලා...?

ඔව්... ඒක තමා ඩ්‍රග්ස්....

ඉතින් ඔයා අයි.ජීට කතා කරේ නැද්ද... මිස්ටර් පූජිත ජයසුන්දරට?

විද්‍යානිගේ කේස් එකේ කතාකරලා මොනවද කරා ඒක නිසා කරා..... (පැහැදිලි නැත)

විද්‍යානිගේ කට්ටිය රිමාන්ඩ් කරානේ....?

රිමාන්ඩ් කරා.... කෝට් එකට ගහන්න ගියේ නෑනේ අපේ මිනිස්සු.... (පැහැදිලි නැත)

ඉතින් එක මිනිහෙක්ව ඔයානේ බේරන්න ගියේ විජයකලා....?

(විද්‍යා ඝාතනයේ සැකකරැවන් පිළිබඳ කතා කරති. පැහැදිලි නැත)

ඔයා ඔය ස්ටේට්මන් එක දෙද්දි මිනිස්ටර් මාරපනයි මිනිස්ටර් වජිර අබේවර්ධනයි ස්ටේජ් එකේ හිටියා නේද?

හිටියට ඒ ගොල්ලන්ට තේරෙන්නේ නෑනේ. මම ටැමිල් එකෙන් කතා කරා. ඒ ගොල්ලෝ සිංහල. ඒගොල්ලන්ගේ ලැන්වේජ් වෙනස් නේ.

ආ... ඒකයි....

ඒ ගොල්ලන් අතට දාන්න යන්න එපා පිස්සුද ඔයාට...?

ඔයා ජැෆ්නාවල ඔහොම කියලා....ඇවිල්ලා බලන්න ඕගොල්ලොත් මේවගේ කතාකරන්න එන්න එපා.... ඔයා ගම්පහ දිස්ත්‍රික්කෙන් ආව විදිහට තමයි මමත් ජැෆ්නා දිස්ත්‍රික්කෙන් ආවේ. ඔයාට පුළුවන්ද ජැෆ්නා එකේ එම්.පී. වෙන්න. ඔයාට බෑ. කතා කරන්න එපා. ඕගොල්ලෝ විශ්වාසෙන් වැඩ කරනවා නම් අපේ මිනිස්සුන්ට උදව් කරනවා නම් ප්ලයිට් එකේ එන්න. බයික් එකේ එන්න. නැත්නම් ඔයාගේ වෙහිකල් එකේ එන්න. ඇවිල්ලා ඔක්කොම මිනිස්සුන්ට කතා කරන්න. සිටුවේශන් දැන් ජැෆ්නා එකේ බලලා. ඊට පස්සේ ඕගොල්ලන් කතා කරන්න. අපි සද්ද නැතිව ඉන්නවා.

නෑ... නෑ... හව් මෙනි වෝට්ස් යූ ගොට් ලාස් ටයිම්....?

ඔයාට වැඩක් නෑනේ... වෝට්ස් (සිනහවෙයි)

ඔයා ගවර්මන්ට් එකට සපෝට් එක දෙන්න. ඔය වගේ ස්ටේටමන්ට් ආයෙ දෙන්න එපා. ඉට්ස් නොට් ගුඩ් ද ගවර්මන්ට් නේ... හොඳ නෑනේ....?

මං එල්.ටී.ටී.ඊ. එන්න ඕනේ එක කිව්වේ නෑ... රන්ජන්... කිව්වේ නෑ.... කිව්වේ නෑ.... ඔයා ගණන් ගන්න එපා රන්ජන්.

නෑ... නෑ... ප්‍රභාකරන් ඊස් අ කිලර් නේ. එහෙම කිව්වම ඔයාටත් හොඳ නෑ. එල්.ටී.ටී.ඊ. එක අයේ එන්න ඕන කියන්නේ තර්ටි ඉයර්ස් වෝ එකෙන් අපි සපර් කරලා... ආයේ එල්.ටී.ටී.ඊ. එන්න ඕනා කිව්වම මුළු රජයම අපහසුතාවයට පත්වෙනවා නේ...විජයකලා...?

ඕගොල්ලෝ එල්.ටී.ටී.ඊ. එක නැවැත්තුවානේ රන්ජන්. ඒක ඇත්ත. ඒ විදිහට ඕගොල්ලන්ට ඇයි ඩ්‍රග්ස් නවත්වන්න බැරි?

ඩ්‍රග්ස් නවත්වන එක.... අපි කොච්චර අල්ලනවද?

ඩ්‍රග්ස් ගෙනාව කට්ටිය කවුද? එයාර්පෝට් එකෙන් අල්ලනවා. හාබර් එකෙන් අල්ලනවා... කවුද ඔක්කොම පොලිටීෂියන් කවුද?

කවුද පොලිටීෂියන්ද?

ඩ්‍රග්ස් අරන් එනවානේ ලංකාවට.

ජැෆ්නාවලටත් ඩ්‍රග්ස් ගේන්නේ පොලිටීෂියන්ලාද?

පොලිටීෂියන් වාහන පොලීසියෙන් නවත්තන්නේ නෑ. ගිය ආණ්ඩුවත් මේක තමා කරා. තාම කන්ටිනිව් මේක තමා යනවා....

දැන් මොනවද තියෙන්නේ හොරොයින්ද? කේරල ගංජද? අර මොකක්ද? බ්‍රවුන් ෂුගර්ද? කොකේන් ද?

ඒ ජාති තමා... අර පලෙයිවල අල්ලල (පැහැදිලි නැත) ඕගොල්ලෝ අල්ලලා මාස 6කට අවුරුද්දකට ඇතුළට දාන්න ඕන.

ඒක ඇත්ත. ඒක ඇත්ත. ඔයා ජැෆ්නාවල ඕක කිව්වට කළම්බුවල ඕක කියන්න යන්නේ නෑනේ.

මම කතා කරන්න යන්නෑ නේ... අන් අය වගේ කතා කරන්න ඕනා නෑනේ රන්ජන්... දන්නවනේ මම මගේ දිස්ත්‍රික්කේ වැඩකරලා සයිලන්ස් එකේ ඉන්නවා.

යූ. ආ.... වෙරි කනින් පොලිටීෂියන්නේ... යූ ආ ටෙලින් සම්තින් ඉන් ජැෆ්නා... යූ ආ ටෙලින් සම්තින් ඉන් කලම්බෝ ඩිපරන්ට් ස්ටේමන්ට්ස් නේ... වෙරි ස්මාර්ට්.

බලන්න... මීඩියා කෝල් කරනවා... කෝල් කරනවා... අරකේ ස්ටේට්මන්ට් දෙන්න. මේකේ ස්ටේට්මන්ට් දෙන්න... මම මේක කිසිම ස්ටේට්මන්ට් දෙන්න යන්නේ නෑ. මම ඒක ජාතිවාදය අවුස්සන්න යන්නේ නෑ.... ඇත්ත කතාව තමයි මම කිව්වා මේක මේ වගේ වුණා කියලා. ඒ කාලේ මේ වගේ හිටියා. දැන් මේ වගේ ඉන්නවා. අපිව කවුරුත් ආරක්ෂා නෑ කියලා කිව්වා රන්ජන්.

ඔව්... ඔව්... හැබැයි ඉතින්....

හම්බෙන්න පුළුවන්ද රන්ජන්... (පැහැදිලි නැත)

හැබැයි ඉතින් ප්‍රසිඩන්ට් ඔයාට ගොඩක් හෙල්ප් කළා. ඔයාගේ පැත්තට ආවා.... ප්‍රයිමිනිස්ටර් හැම එකේම ඔයාට කතාවක් දුන්න?

ඇයි අප්පා ආවා. එයා අපිට ආදරෙන් ආවේ නෑනේ.... (පැහැදිලි නැත) 

අයියෝ අයියෝ... අනේ මේ දැන් ඔයා කියන්නේ ඔයා වින් කළේ නෑ ඒ කිව්වාට (සිනහවෙමින් කියයි) ඔයා වින් කළේ....

නෑ... නෑ.... ඔයා ඔයාගේ ප්‍රෙස් එකේ කියන්න... එල්.ටී.ටී.ඊ. නවත්තන්න කලින් කිසිම ප්‍රශ්න නෑ කියලා. මිසිස් මහේෂ්වරන් කිව්වා... මේක ඩ්‍රග්ස් ප්‍රශ්න නිසා අපට ජීවත්වෙන්න අමාරුයි කියලා තමා එයා කියලා කියනවා කියල.

ආ... ජීවත්වෙන්න අමාරුයි කියලා... ඉතින් ඔයා කියන්නේ ඩ්‍රග්ස්...

ඕගොල්ලෝ ජාතිවාද අවුස්සනවා... දකුණේ එක පොලිටීෂියන්... මේ ප්‍රසිඩන්ට් ඉලෙක්ෂන් එකෙන් දිනන්න ඕන නිසා... මේ ගොල්ලෝ එල්.ටී.ටී.ඊ.ය අදහනවායි කියලා කියලා බොරැ කියනවා. ඒගොල්ලන්ට ඒවයේ සම්බන්ධ නෑ.... ඒ ගොල්ලොන්ට ඒවායේ අයිතියක් කිසිම නෑ... ඒ ගොල්ලෝ ඒවගේ අයිතියක් කැමතිත් නෑ... (පැහැදිලි නැත)

නෑ... නෑ.... වැඩේ වුණේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් අර වෙඬරුවේ උපාලි කියන ස්වාමීන් වහන්සේත් කිව්වා හිට්ලර් කෙනෙක් ඕනා කියලා... ඔයා කියනවා ප්‍රභාකරන් ඕනා කියලා. එතකොට ඒ දෙකම සමානයි වගේනේ.... දෙන්නම ඩික්ටේටර්ස්ලා දෙන්නම කිලර්ස්ලා.... ඉතින් ඒක තමයි වුණ ප්‍රශ්නේ විජයකලා.... දෙකම එක වගේ ස්ටේට්මන්ට්....

ඒක ඔයා උත්තර දෙන්න ඕනා. අපිට වැඩක් නෑනේ.... (පැහැදිලි නැත) කොච්චර මිනිස්සු මැරෙනවා. කෑම බීම නැතුව ඉන්න ජොබ් නැතුව ඉන්නවා... ඒක බලන්නේ නැතුව නිකන් මහේෂ්වරන් කියපු කතාව... අර කතාවට ඕගොල්ලෝ.... (පැහැදිලි නැත) හොයලා බලලා මීඩියා එකේ දාන්න රන්ජන්.

ඔව් මම කියන්නම් මම කියන්නම් මගේ ස්ටේට්මන්ට් එකේ මං කියන්නම්.... බට් යූ ආර්... පෙරිය පනක්කාරම් නේ. යූ හෑව් ශිප්ස් ඉතින්. යූ ආ ලිවින් ඉන් ග්‍රෙගරීස් රෝඩ්.

ආ.... (සිනහසෙයි)

ඔයා ඉන්නේ අර කවුද....?

ඇත්ත කතාව රන්ජන්... හරිය.... බිග් මනී මෑන්... ඔයත් කියන්න, අපි හොරකන් කරන්නේ නෑනේ... අපි.... හරිය.

ඔව්... ඔව්. හැබැයි ඉතින් ඔයා ඉන්නේ අර කුසලධම්ම හාමුදුරුවන්ගේ පන්සල ඉස්සරහපිටනේ. මං දන්නවානේ මං ආවා එදා... ඉතින් එතන නේද ඔයගොල්ලන්ගේ ගේ තියෙන්නේ?

ඔයා ආවා... ඔයාව දැක්කා... බට් ඔයාල ඇවිල්ලා නෑ. කතා කරන්නේ නෑ. සයිලන්ස් එකේ හිටියනේ. කිසි ප්‍රශ්න නැතුව... (ඉතිරිය පැහැදිලි නැත) බලන්න මගේ ගෙදර ග්‍රෙගරිස් රෝඩ් එකේ ඉන්නවා. කලම්බෝ සෙවන්.... (පැහැදිලි නැත) අයි ඈම් අ ටැමිල්.... ඔයා සිංහල ආ... බලන්නකෝ...

ඔව්.... ඔව්....

ආඩම්බර නැතුව සිංහලනේ... කියන්න.

නමුත් නමුත් කලම්බෝ කට්ටියට අපි කවුරුත් හිරිහැර කරන්නේ නෑනේ ටැමිල් කියලා. අපි කට්ටිය එකට ඉන්නවානේ. අපි ජැෆ්නාවලත් ඒ විදිහට හදාගමු නේද? ජැෆ්නාවලත් දැන් ඔය රීහැබිල්ටේට් කරලා අපිත් ඒ විදිහට හදාගමු. ඒකනේ වෙන්න ඕනෑ.... මේ වගේ ස්ටේට්මන්ට් 

ඔයා රන්ජන්.... ඔයා මේක බලන්නේ නැතිව (පැහැදිලි නැත) ඔයා ජැෆ්නා එන්න... ෆිල් ඩේ...

මම එන්නම්... මම එන්නම්.... මම දවසක එනවා.

ඊට පස්සේ බලන්න ඕගොල්ලන් දකුණේ මීඩියාට කතා කරන්න. ඒ වෙනකම් ඒගොල්ලන්ට කියන්න මීඩියා කට්ටියට අර ප්‍රශ්න වුණ ගෙදරට ගිහිල්ලා... ස්ටේට්මන් අරගෙන ඕගොල්ල කම්පෙයා කරන්න. උතුර එකේ දකුණ එකේ කම්පෙයා කරන්න.
විජයකලා... විජයකලා... මං ඔයා එක්ක ආගිවු කරනවා නෙවෙයි. දැන් දැක්කනේ ඉන්ඩියාවලත් මේ වගේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් රේප් කරා. එහෙම වගේ රේප් හැමතැනම තියෙනවා. එහෙම කියලා එහෙ ඉන්න පොලිටීෂියන්ලා කියන්නේ නෑනේ....

(පැහැදිලි නැත) ඔයා... රන්ජන්....

ඔව් ඉතින් ඒගොල්ලෝ එතකොට කියන්නේ නෑනේ නරේන්ද්‍ර මෝඩිලා එලවලා ටෙරරිස්ට් ලීඩර් කෙනෙක් ගේන්න කියලා කියන්නේ නෑනේ.... ඉතින් එතකොට වරද මෙතන. මේක ඩිමොක්‍රටික් කන්ට්‍රි එකක්. එතකොට ටෙරරිස් ලීඩර් කෙනෙක් ගේන එක?

අයියෝ රන්ජන්.... අන්තිමට මම ම කතා කරා හරිද... අන්තිමට මම කිව්වා ඔක්කොම කියලා කතා කරලා මම කිව්වා රනිල් වික්‍රමසිංහගේ කාලේ එල්.ටී.ටී.ඊ. එක කතා කළා ඒගොල්ලෝ අපට රෙක්ස්පෙට් කළා. ඒ කාලේ.

ඔව්... ඔව්....

ඒ වගේ එක්කෙනෙක් නෑ අපිට දැන් කතා කරන්න.... ඉස්සරහට ඉලෙක්ෂන් එනවා. මෛත්‍රීපාල සිරිසේන එයාගේ පක්ෂ දානවා... (පැහැදිලි නැත) උතුරේ චීෆ් මින්ස්ටර්ලා රණ්ඩු වෙනවා... ඉස්සරහ වාඩිවෙලා හිටියේ ඒ කට්ටිය.

ඒ කියන්නේ විග්නේෂ්වරනුයි.... විග්නේෂ්වරනුත් එතන හිටියා නේද? වාඩිවෙලා ඒකේ....?

ඔව්. චීෆ් මින්ස්ටර් හිටියා. මාවයි සේනාධිරාජා හිටියා... සුමන්දිරන් හිටියා. ඔක්කොම හිටියා.

එතකොට මෙයා හිටියද? ශිවාජිලිංගම් හිටියද?

ඒගොල්ලෝ ආවේ නෑ. ඒක මම කිව්වා. අපි දැන් ඉලෙක්ෂන් එනවා. ප්‍රොවින්ශියල් ඉලෙක්ෂන්. ජනාධිපති ඉලෙක්ෂන්. ජනාධිපති එකේ තාම අපි කවුද කියලා දන්නෑ (පැහැදිලි නැත) ලෑස්ති කරන්න එන්නේ රනිල්ද? (පැහැදිලි නැත)

ඒ ඒ කියන්නේ ඔයා එහේ කට්ටියටද ඒ ස්ටේට්මන්ට් එක දුන්නේ. නැත්නම් ටැමිල් වෝට්ස් බලාගෙන. ඔයා කිව්වේ ඒක එහෙ නේද...? ඒක හොඳ නෑ.... ටැමිල් වෝට්ස් බලාගෙන එහෙම....

(සිනහවෙයි) ඕගොල්ලන්ගෙ ඡන්ද රනිල්ට දාන්න ඕනා.... කතාකරන්න ඕනා.... ඩිවලොප් කරන්න ඕනා.... යූත් අයට ජොබ් දෙන්න ඕනා.... මේක රේප් කට්ටිය ඔක්කොම නවත්වන්න ඕනා.... ඒක ආණ්ඩුව ජනාධිපති..... (පැහැදිලි නැත) අපිට පුළුවන් මේක කරන්න.

නෑ... නෑ... අපි ජොබ් දෙන එක පිළිගන්නවා. ජොබ් දෙන්න ඕනා... ඒගොල්ලන්ගේ ඉඩම් දෙන්න ඕනා... සේරම පිළිගන්නවා. ටෙරරිස්ට් ලීඩර් කෙනෙක් ආයේ ගේන්න ඕනා කියන එක පිළිගන්න බෑ. අපිට ඒකට ඇග්ග්‍රි වෙන්න බෑනේ.

නෑ... නෑ... අයියෝ නිකම් බොරු කතා කරන්න යන්න එපා. ඔයා විහිළු කරන්න එපා....

නැහැ නැහැ විහිළුවක් නෙවෙයි... ඔයාගේ දැන්.....

මෛත්‍රී මෛත්‍රී... විසි තුනක් තමා මෙම්බර් ඔෆ් පාර්ලිමන්ට් එයා ළඟ ඉන්නවා...

නෑ.... නෑ.... ඇත්තට ඔයා ටැමිල්වලින් කොහොමද මොනවද කිව්වේ... අ... වී නීඩ් එල්.ටී.ටී.ඊ. ලීඩර් එගේන් කියල කිව්වනේ ටැමිල් වලින්... නේද කොහොමද කිව්වේ ඔයා... මොකක්ද ස්ටේට්මන්ට් එක ඔයාගේ....

අයියෝ රන්ජන්... සද්දෙන් කතා කරනකොට අපිට ටෙන්ශන්නේ....

අන්තර්ජාලය සහ දුරකථන සංවාදය ඇසුරින් සකස් කළේ

 චමිඳු නිසල් ද සිල්වා