2020 ජුලි 25 වන සෙනසුරාදා

හෝටල් හිමිකරු මැරූ හමුදාවෙන් පැන්න රූම් බෝයි

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

කැස්බෑව ගුරු ගම්මාන පාරේ පිහිටි දසුන හෝටලය හිමි කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙස තෙමහල් මන්දිරයකි. එය පිහිටා තිබුණේද දසුන හෝටලයට යාබදවය. බිරිඳ දරු දෙදෙනා හා එකම කාමරයක නිදා සිටියදී මොට ආයුධයකින් කරන ලද පහරදීමක් හේතුවෙන් ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ මරණය පිළිබඳව මෙතෙක් පැවතියේ අභිරහසකි.

හෝටල් පරිශ්‍රයේ හෝ නිවසේ පැවති සී.සී.ටී.වී. කැමරාවක කිසිදු සාක්ෂියක් සටහන් නොවීමද ගැටලුවක්ව පැවතිණි. හෝටලය දක්වා යන මාර්ගය පසෙක වූ එක් පිටස්තර සී.සී.ටී.වී. කැමරාවක් පරීක්ෂාවේදී සැකකටයුතු පුද්ගලයන් දෙදෙනෙක් මුහුණු සඟවාගෙන ගමන් ගන්නා බවත් අයෙක් අත වූ යමක් ඈතට විසිකර දමන බව පමණක් දකින්නට ලැබී තිබිණි. පොලීසිය විසින් සිදුකළ සෝදිසියකදී අසළ කුඹුරට විසිකර දැමූ පොල්ලක් හමුව තිබුණේ දින කිහිපයකට පසුවය.

ඝාතනය සම්බන්ධයෙන් වෙනත් කිසිදු සාක්ෂියක් නොවූයෙන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයෙන් අදාළ විමර්ශන බස්නාහිර පළාත දකුණ විශේෂ අපරාධ කොට්ඨාසය වෙත බාරකර තිබිණ. එතෙක් විමර්ශනය වූ කරුණු අනුව පොලිසිය සැකපහළ කර තිබුණේ හෝටලය හා නිවෙස පිළිබඳ මනා අවබෝධයක් ඇති කෙනෙක් හෝ පිරිසක් විසින් ඝාතනය සිදුකරන්නට ඇති බවය. ඒ අනුව අන්ත කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකෙරෙමින් තිබුණි.

බස්නාහිර පළාත දකුණ විශේෂ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් අනිල් (69598) මහතාට ලැබුණු රහසිගත තොරතුරකි. එම තොරතුරැ ලබාදී තිබුණේ හෝටල් ආශ්‍රිත රුකියාවක නිරතව සිටින පුද්ගලයකු විසිනි. ඔහු කියා තිබුණේ හෝටල් රුකියාවක නිරත වන්නෙකු රත්රන් තොගයක් උකස් කිරීමට යන බවත් ඔහුට එවැනි රත්රන් තොගයක් ලැබීම සැකසහිත බවත්ය. ඒ වනවිටත් කැස්බෑව හෝටල් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනවල නිරතව සිටි පොලිස් කොස්තාපල් අනිල් මහතා වැඩි විස්තර ලබාගෙන සැකකරු සොයා පිටත්ව ගොස් තිබුණේ ආරච්චිකට්ටුව ප්‍රදේශයටය. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචිව සිටි මිහිඳු කුලසූරිය ජූඩ් සුමිත් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 22 වැනිදාය.

සැකකරැ සතුව තිබූ ස්වර්ණාභරණ පිළිබඳව ප්‍රශ්න කරන අතරතුර ඔහු තම හිතවතකු වූ මහින්ද කුමාර නැමැත්තා පිළිබඳව කරැණු හෙළිකර ඇත. එම සැකකරු ගිරිතලේ පදිංචිකරැවෙකි. පළමු සැකකරු මාර්ගයෙන් දෙවැනි සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කඩුවෙල බස්නැවතුමේ රැඳී සිටියදීය. අවුරැදු 32ක් වූ මොහු රංකොත්ගෙදර මහින්ද කුමාර නැමැත්තෙකි. සැකකරැවන් දෙදෙනාගෙන් වෙන වෙනම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කැස්බෑව හෝටල් හිමි ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු මොහු බවට අනාවරණය කර ගැනිණි.

ඝාතනයේ ප්‍රධාන සැකකරැ යුද හමුදාවෙන් පලාගිය අයෙකි. අනතුරැව හෝටල් ක්ෂේත්‍රයේ රූම් බෝයි තනතුරක ස්ථාන කිහිපයක සේවය කර ඇත. ඒ අතර 2019 වසරේදී පමණ කැස්බෑව දසුන හෝටලයේ රෑම් බෝයි කෙනෙකු වශයෙන් සේවයට පැමිණ මාසයක් පමණ සේවය කොට පාලනාධිකාරියටත් නොකියාම ගොස් තිබිණ. ඉන්පසුව කඳාන, දංකොටුව හා මිනුවන්ගොඩ ප්‍රදේශවල හෝටල් කිහිපයකද සේවය කොට ඇත. මෙම කාලයේදී මිනුවන්ගොඩ නිවසක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් වරදකරැ වූ මහින්ද කුමාර මීගමුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. එහිදී හඳුනාගත් හොඳම මිත්‍රයා ඒ වනවිටත් බන්ධනාගාර ගතව සිටි ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් ජූඩ් සුමිත්ය. මොවුන් දෙදෙනාම ඇප මත නිදහස ලබා තිබුණේ පසුගිය පෙබරවාරි 27 වැනිදාය.

රුකියාවක් නැතිව ස්ථීර ආදායමක් නොමැතිව උන් මේ දෙන්නා අතර මහින්ද කුමාරගේ යෝජනාව වූයේ මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකෑමය. ඒ සඳහා තමා මාස කිහිපයක් පෙර සේවය කළ දසුන හෝටලය හා හිමිකරැ පිළිබඳ කරැණු මිතුරාට කියා තිබිණ. ඔහු සන්තකයේ ඇති රත්රන් කොල්ලකෑම පළමු පියවරය. දෙවැන්න ඔහු සතු මුදල්ය. යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව දෙන්නා පසුගිය 5 වැනිදා කොළඹ කොටුවේදී මුණගැසී තිබුණේ කොල්ලය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීමටය. එහිදී ඉස්කුරුප්පු නියනක්, විදුලි පන්දමක් මිලට ගෙන මහරගම දක්වා ගොස් එදින රාත්‍රියේ නවාතැන් පොළක රැඳී සිට ඇත.

පසුදින සන්ධ්‍යාවේ බීර ටින් 4ක් මිලට ගෙන සූදානම් කරගත් උපකරණ කිහිපයත් රැගෙන දසුන හෝටලය දෙසට ගමන්කර තිබුණේ මාර්ගයේ තිබූ සී.සී.ටී.වී. කැමරාවලට මුවාවෙමිනි. මාසයක පමණ කාලයක් හෝටලයේ සේවය කිරීමෙන් පරිසරය පිළිබඳව තිබූ මතකය නිසාම හෝටලය පසුපස වූ වෙල්යායකට ඔවුන් බැස තිබුණේ කාටත් හොරාය. එහිදී බීර ටින් පානය කළ දෙන්නා මධ්‍යම රාත්‍රිය වනතෙක්ම එහි රුඳී සිට ඇත. එසේ හිඳිමින් හෝටල් පරිශ්‍රය නිරීක්ෂණය කළ දෙන්නාට හෝටලයේ හිමිකරුගේ නිදන කාමරයේ විදුලි බල්බ නිවා දමනු දැක තිබුණේ මධ්‍යම රාත්‍රී 12.30ට පමණය. තවත් මොහොතක් එතැනම රුඳී සිට හෝටලය වෙත ගොස් ඉස්කුරැප්පු නියන ආධාරයෙන් ඇලුමිනියම් දොරක් ගලවා හෝටලයට ඇතුළු වී තිබිණ. දෙන්නා එහි යන අතරමඟදී අබලි ද්‍රව්‍ය රුස්කරන ස්ථානයකින් යකඩ බටයක්ද, මඟ තිබූ ලී පොල්ලක්ද රුගෙන ගොස් තිබුණි.

හෝටලය හරහා නිවසේ නිදන කාමරයට ගිය දෙන්නාගෙන් ජූඩ් සුමිත් නැමැත්තා අත වූ යකඩ පොල්ලෙන් ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඇත. කලබලයෙන් අවදි වූ බිරියගේ හිසට පොල්ලෙන් පහරදී තිබුණේ මහින්දය. පහර කෑමෙන් නිසොල්මන් වූ ව්‍යාපාරිකයා හමුවේ බිරිය වේදනාවෙන් කියා ඇත්තේ කරදරයක් නොකර ඕනෑ දෙයක් රැගෙන යන ලෙසය. එසැණින් ඔවුන් ව්‍යාපාරිකයාගේ ගෙල බැඳි රන්මාලය ඇතුළු පවුම් 35ක ස්වර්ණාභරණ සමඟ ලාච්චුවක තිබූ රු.150,000ක මුදලද රුගෙන පලාගොස් තිබුණි. එදින රාත්‍රියේ කොට්ටාව හෝටලයක නවාතැන් ගෙන සාදයක් පවත්වා පසුදින අවිස්සාවේල්ලට ගොස් තිබුණේ මහින්දගේ මිතුරෙක් මුණගැසීමටය. එහිදී ලක්ෂ 12කට රන්බඩු කිහිපයක් විකුණා තිබුණේ මහින්දගේ මිතුරකු මාර්ගයෙනි. එම මුදලින් ලක්ෂ තුනක් ලබාගත් ජූඩ් ආරච්චිකට්ටුව බලාගොස් තිබුණි. ප්‍රධාන සැකකරැ සතු මුදල්වලින් සිය ඥාතීන් දෙදෙනකුගේ ගිණුම්වලට ලක්ෂ පහකට අධික මුදල් තැන්පත් කර තිබෙන අතර නැවත වරක් රන්භාණ්ඩ උකස් කිරීමට සැරසෙන අවස්ථාවකදී එය සැක සිතූ අයෙක් ලබාදුන් තොරතුරක් මත වැටලීම සිදුකර ඝාතකයන් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි (1) රොහාන් පෙරේරා මහත්වරැන්ගේ අධීක්ෂණයෙන් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂකවරැන් වන හේමන්ත, අත්තනායක, උප පොලිස් පරීක්ෂකවරැන් වන මෙන්ඩිස්, ලක්ෂ්මන්, පොලිස් සැරයන්වරැන් වන (56958) ප්‍රසන්න, (56951) සුනිල්, (40248) ප්‍රසන්න, (61108) දයාරත්න, පොලිස් කොස්තාපල්වරැන් වන (69598) අනිල්, (72338) ලලන්ත, (72988) ගිහාන්, (81600) සමීර, (77680) අමිල සමඟ (84762) කුමාර යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර