2020 ජුලි 11 වන සෙනසුරාදා

රෙදි වෙළෙඳුන්ට තිබෙන සැලකිල්ල අපිට නෑ...

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 731

ඒ.පී.එස් නිටර්ස් පෞද්ගලික සමාගමේ සභාපති දීපානි සමරසිංහ

සියරට දේ සිරි සැප දේ....... ඉන්දීය නිදහස් අරගලයේ ප‍්‍රමුඛයෙක් වූ මහත්මා ගාන්ධිතුමාගේ දර්ශනයේ මූලික හරය වූයේ දේශීය අනන්‍යතාවයන් රුකෙන අප ඉදිරියට යා යුතු වගයි. හමන සෑම සුළඟකටම දොර කවුළු විවර කළ යුතු වුවත් ඒ සුළංවලට නොවැටී සිටින්නට තරම් කශේරැකාව සවිමත් විය යුතු වග හේ අවධාරණය කළ දර්ශනයේ පදනම විය. එහෙත් සාරෙට අස්වැද්දිය හැකි සරැබිමක් අප ජන්ම ලාභය ලද පෙළොවේ තිබියදීත් සියල්ල පිටරටින් එනතුරු මුව අයා හිඳින ඛේදවාචකය තෙක් දේශීයත්වය පිළිබඳ හැඟීමකින් තොර වූ ශ්‍රී ලාංකික අපේ දුබලකම් විෂයෙහි තවදුරටත් දුර්මුඛ නොවිය යුතු යථාර්ථයකට අපි පිවිස ඇතැයි අපි විශ්වාස කරමු. නිසි රාජ්‍ය රැකවරණයක් තවමත් නොලබන දේශීය රෙදිපිළි ක්ෂේත‍්‍රයේ ගෙතූ රෙදි කර්මාන්තය රුකගැනීමේ සහ සවිබල ගැන්වීමේ කාලීන අත්‍යවශ්‍යතාව පිළිබඳව සහ මේ වනවිට නිට් රෙදි කර්මාන්තය මුහුණදී ඇති ගැටලු පිළිබඳවත් නිට් රෙදි නිෂ්පාදනයේ සිටින එකම ව්‍යාපාරික කාන්තාව වූ ඒ.පී.එස්. නිටර්ස් පෞද්ගලික සමාගමේ සභාපති දීපානි සමරසිංහ මහත්මිය සමඟ කළ සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සකස් කෙරේ. ඇය 2015 වසරේදී ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ මණ්ඩල සම්මේලනය මගින් පැවැත්වූ සම්මාන උළෙලේදී වසරේ හොඳම ව්‍යවසායක කාන්තාව ලෙස ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවාය.

දේශීය රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ලෙස සඳහන් කරන විට ඒ තුළ කර්මාන්ත ක්ෂේත්‍ර කිහිපයක් ඇත. ඉන් ප‍්‍රධාන වන්නේ පේෂකර්මාන්තය සහ ගෙතූ රෙදි නිෂ්පාදනයයි. පාසැල් නිල ඇඳුම් ගැන සාකච්ඡා කරන මේ අවධියේදී දේශීය රෙදි නිෂ්පාදනයේ පේෂකර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය මේ දිනවල යොමුවෙලා තියෙනවා. නමුත් නිට් රෙදි නිෂ්පාදනය (ගෙතූ රෙදි නිෂ්පාදනය) පිළිබඳව කතාබහට ලක්වන්නේ ඉතාමත් අඩුවෙන්. අද ලංකාවට වැඩිවශයෙන් ආනයනය වන්නේ විවිධ වර්ගයේ නිට් රෙදි වර්ගයි. (මා කොරෝනා උවදුරට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් විමසූ අවස්ථාවේදී ඔවුන් පැවසුවේ පසුගිය වකවානුවේදී දිනකට කන්ටේනර් 40ක් පමණ ලංකාවට පැමිණෙන බවයි.)

අද වනවිට දේශීය ගෙතූ රෙදි නිෂ්පාදකයින් තම කර්මාන්ත පවත්වාගෙන යන්නේ ඉතාමත් අසීරු තත්ත්වයක’ එම හේතුව නිසා තමයි පසුගිය දිනවලදී පොදුවේ රෙදි නිෂ්පාදකයින් විසින් විවිධ කර්මාන්ත වාණිජ මණ්ඩල හරහා ලංකාවට ආනයනය කරනු ලබන රෙදිපිළි වර්ග සඳහා කිලෝ එකකට අය කරන රැ.100 සෙස් බද්ද ඩොලර් එකක් දක්වා වැඩිකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ’ ඇත්තටම රැපියල් 100 සෙස් බද්ද ඩොලර් එකක් දක්වා වැඩි කිරීමෙන් දේශීය රෙදිපිළි කර්මාන්තකරැවන්ට යම්කිසි රුකවරණයක් ලැබෙනවා.

මම මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළොත් දේශීය ගෙතූ රෙදි නිෂ්පාදනය මූලික අංශ ද්විත්වයක් යටතේ ක්‍රියාත්මකයි.

1. ගෙතූ රෙදි කර්මාන්තය: Knitting
2. ගෙතූ රෙදි වර්ණ ගැන්වීමේ කර්මාන්තය : Dyeing 

රෙදි නිට් කිරීම යනු මුලින්ම නූල් අමුරෙද්දක් බවට පත් කිරීමයි. ඩයි කිරීම යනු පසුව එය වර්ණගන්වා නිමි නිෂ්පාදනයක් බවට පත් කිරීමයි. ඇත්තටම අද ලංකාවේ මෙම ක්ෂේත්‍ර දෙකෙහි වෙන වෙනම කර්මාන්ත කරන ව්‍යවසායකයින් සිටිනවා. විශේෂයෙන් ගෙතූ රෙදි නිෂ්පාදනයේ යෙදෙන කුඩා ව්‍යවසායකයින් බොහෝ සංඛ්‍යාවක් ලංකාව පුරා සිටිනවා. මේ අතර මෙම කර්මාන්ත දෙකෙහිම නියැලෙන ව්‍යවසායකයින්ද සිටිනවා. ඇත්ත වශයෙන්ම මෙය ඉතා විශාල නිෂ්පාදන ක්‍රියාවලියක්. මා මුලින්ම සඳහන් කළ ගෙතූ රෙදි නිෂ්පාදනය සඳහාද අවශ්‍ය වන යන්ත‍්‍ර (නිටින් මැෂින්ද) ඉතා අධික මිල ගණන් යටතේ පවතින යන්ත‍්‍ර සූත‍්‍ර ඒවා නඩත්තුව සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා.

උදාහරණයකට ගත් විට එක් නිටින් මැෂිමක් ආනයනය කිරීම සඳහා මිලියන 3 සිට මිලියන 6 ක් දක්වා මුදලක් වැය කළ යුතුයි.

ගෙතූ රෙදි නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන නූල් (Yarn) සඳහා අඩි 40 ක කන්ටේනරයක් ආනයනය කිරීම සඳහා මිලියන 8ක් වැනි මුදලක් වැය වෙනවා.

මිලියන 8ක් පමණ වැයකොට අප නූල් කන්ටේනරයක් ලංකාවට ආනයනය කොට අමුරෙද්දක් බවට පත් කිරීම දක්වා (Knitting) දරන පිරිවැය අතර අමුද්‍රව්‍ය, සේවක වැටුප් සහ අර්ථසාධක, රක්ෂණ වියදම්, කර්මාන්තශාලා නඩත්තුව, විදුලි බිල්, ජල බිල් ඇතුළු වියදම් රාශියක් තියෙනවා.

එමෙන්ම දෙවන අදියර (Dyeing) විදිහට මෙම අමු රෙදි වර්ණ ගැන්වීම සඳහාද විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු වෙනවා. එම ක්‍රියාවලිය සඳහා කර්මාන්තශාලාවල ඉතා අධික මිල ගණන් යටතේ මිලදී ගත් විවිධ වර්ගයේ යන්ත‍්‍ර සූත‍්‍ර‍්‍ර බොහෝමයක් පාවිච්චි වෙනවා. එමෙන්ම වර්ණ ගැන්වීමේදී අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා කරන ඩයි වර්ග කෙමිකල් වර්ග යන ආදිය සඳහා විශාල පිරිවැයක් දැරිය යුතු වෙනවා

එසේම ඩයි කර්මාන්තශාලාවල පාවිච්චි කරන යන්ත්‍රෝපකරණ නඩත්තුව සඳහා විශාල විදුලිබිල්, වතුර බිල්, රක්ෂණ වියදම් දැරීමට සිදුවෙනවා. ඩයි කිරීම සඳහා යොදාගන්නා ප‍්‍රමිතියෙන් යුත් ඩයි වර්ග කෙමිකල් වර්ග අද ඉතා මිල ගණන් යටතේ පවතින්නේ සහ ප‍්‍රධාන වශයෙන්ම ඩයි කර්මාන්තශාලාවල පාවිච්චි කරන බොයිලර් නඩත්තූව සඳහා අවශ්‍ය වන ෆර්නස් ඔයිල් (Furnace Oil) ශ්‍රී ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාවෙන් මිලදී ගැනීම සඳහා ද විශාල පිරිවැයක් දැරිය යුතූය.
උදා:- එක් ෆර්නස් ඔයිල් බවුසර් එකක් අද වනවිට රු. 1,267,200/-

සමාන්‍යයෙන් මසකට අපි එවැනි බවුසර් 04ක් මිලදී ගන්නවා.

බොහෝවිට ලංකාවේ තෙල් මිල ඉහළ යන අවස්ථා වලදී මෙම දැවිතෙල් මිලද ඉහළ යනවා. එමෙන්ම අද වනවිට පරිසර හිතකාමිව මේ කර්මාන්තය පවත්වාගෙන යා යුතු බැවින් පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් කර්මාන්තශාලාවල ඉදිකිරිම අනිවාර්ය අංගයක් වෙලා. ඒ සඳහා සාමාන්‍යයෙන්  මිලියන 10ක පමණ මුදලක් වැය කළ යුතු වෙනවා. එමෙන්ම එය දිනපතා නඩත්තූ කළ යුතුයි. ඒ සඳහා ද කෙමිකල් වර්ග මිලදි ගත යුතු වෙනවා. කර්මාන්තශාලාවක් පරිසර හිතකාමීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහතික ලබාගැනිම සඳහා අප මේ සියල්ල කළ යුතුය. මම මේ සඳහන් කළේ කෙටියෙන් නුලක් රෙද්දක් බවට පත් කිරීම සඳහා අපට දරන්නට සිදුවන පිරිවැය අවමයෙන්. මේ පිරිවැය සඳහා තව එකතු කළ යුතු බොහෝ දේ තියෙනවා.

මිලියන 08 ක් වැනි මුදලකට අඩි 40ක නූල් කන්ටේනර් එකක් ලංකාවට ආනයන කොට නිට් කිරිමෙන් හා ඩයි කිරිමෙන් පසු නිමි නිෂ්පාදනයක් (රෙදි) බවට පත් කර ගැනිමට අවම වශයෙන් මාස 03ක පමණ කාලයක් ගත වෙනවා.

නමුත් රෙදි කන්ටේනර් එකක් ලංකාවට ආනයනය කොට වෙළඳපළට නිකුත් කිරිම ඉතාම පහසු කාර්යයකි. එහිදි කිසිදු නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවන්නේ නැත. එහිදී කර්මාන්තශාලා නඩත්තුවක් ඇත්තේම නැත. යන්ත‍්‍රසුත‍්‍ර සඳහා පිරිවැයක් දැරීමට සිදුවන්නේද නැත. විශාල ජල හා විදුලිබිල් දැරිය යුතු නැත. පරිසර හිතකාමීව පවත්වාගෙන යාම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති අවශ්‍ය වන්න ද නැත. පාරිසරික බලපත‍්‍ර අවශ්‍ය වන්නේද නැත.මා දන්නා පරිදි වෙළඳ සහතිකය පවා අවශ්‍ය වන්නේ නැත. කෙටියෙන් සඳහන් කළහොත් රෙදි නිෂ්පාදන කර්මාන්තයක් කරගෙන යන ව්‍යවසායකයෙකු දැරිය යුතු කිසිදු නිෂ්පාදන පිරිවැයක් හෝ අවදානමක් රෙදි මෙරටට ආනයනය කොට විකුණනු ලබන ව්‍යාපාරිකයන් දැරිය යුතු නැත. විශේෂයෙන් ව්‍යවසායකයෙකු කර්මාන්තයක් වෙනුවෙන් දැරිය යුතු අවදානම මෙරටට රෙදි ආනයනය කරනු ලබන වෙළෙන්දෙක් දරන්නේද නැත. එමෙන්ම නූල් කන්ටේනරයක් ආනයනය කිරීමේදී බැංකූ වලින් ණය නිකූත් කරනු ලබන්නේ සමාන පොළී අනුපාත යටතේය. නමුත් රෙදි වෙළෙන්දෙකු හට ආනයන කළ රෙදි මුදල් බවට පත්කරගැනීමට ගත වන්නේ සුළු කාලයකි. නමුත් කර්මාන්තකරැවෙකූට එසේ කළ නොහැක. මා දන්නා පරිදි සමහර වෙළෙන්දෙන්ට රෙදි ගබඩා කිරිමට පහසුකම්වත් නැත. ඔවුන් ආනයන කළ රෙදි කන්ටේනර් පෙට්ටිය තබාගෙන අලෙවි කරනු ලබයි. ව්‍යවසායකයින් වන අපට මේ කර්මාන්තයේ රුඳී සිටිය යුත්තේ මෙවැනි තත්ත්වයක් යටතේය.

ඒ වෙනස හඳුනා නොගෙන කොහොමද නිට් රෙදි නිෂ්පාදකයන් මුහුණදී සිටින අර්බුද අවබෝධ කරන්නේ, දේශීය කර්මාන්තය රුකගැනීමට නම් රාජ්‍ය රැකවරණය කර්මාන්තයේ නියලෙන්නට හිමිවිය යුතුයි කියලා. දේශීය කර්මාන්ත ශක්තිමත් නොකර කොහොමද දේශීය ආර්ථිකයක් ගොඩනගන්නෙ. ඇත්තටම මේ අවධියේවත් මෙම කර්මාන්තයට රැකවරණයක් නොලැබුණහොත් ඉදිරියේදී කිසිදු ව්‍යවසායකයෙක් මෙම ක්ෂේත්‍රයට එක් නොවනු ඇත. ඊට හේතුව විශාල ප‍්‍රාග්ධනයක් වැයකොට කර්මාන්තශාලාවක් ආරම්භකොට නිෂ්පාදන කටයුතු කිරීම ඉතා අසීරැ කටයුත්තක්. ඊට වඩා ලේසියි කොහේ හෝ රටකින් අඩු ගණනකට රෙදි ආනයනය කොට පාරිභෝගිකයා අතට පත්කිරීම. එය ලේසියෙන් පහසුවෙන් කිසිදු අවදානමකින් තොරව කළ හැකි ලාභදායී ව්‍යාපාරයක් නිසා. නමුත් ඇත්තටම රජයක් කළ යුත්තේ කර්මාන්තකරුවන් දිරිගැන්වීම මේ වෙනකොට අපේ රට තුළ කාර්මික විශ්වවිද්‍යාල, පෞද්ගලික අධ්‍යාපන ආයතනවල රෙදි නිෂ්පාදනය සම්බන්ධ පාඨමාලා විශාල වශයෙන් පැවැත්වෙනවා. විශේෂයෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට විශාල මුදලක් වැයකර මෙම පාඨමාලා දරැවන් හදාරනවා. මේ පුහුණු ශ‍්‍රමයට මේ දරුවන්ට හරියන ලෙස රුකියා ලබාදීම සඳහා මෙරට තුළ මෙම ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත තිබිය යුතුයි. ඒ දරැවන් රටේ ආර්ථිකය දියුණු කිරීමට සම්බන්ධ කරගත්ත නම් ක‍්‍රමවත් විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඒ.පී.එස් නිටර්ස් පුද්ගලික සමාගමේ සභාපතිනිය දීපානි සමරසිංහ මහත්මිය එසේ පවසන්නීය.

ඇත්තටම 2018 පෙර දේශිය රෙදි නිෂ්පාදකයන්ට රැකවරණයක් ලෙස 15% වැට් එකක් සහ 1 කට  රු. 100 බැගින් සෙස් එකක් හිමිව තිබුණත් 2018 සැප්තැම්බර් වෙද්දී 15% වූ වැට් බද්ද 5% දක්වා අඩු කලා.2018 ඔක්තෝබර් වෙද්දී ඒ වැට් එක සම්පූර්ණයෙන්ම ඉවත් කළා. දැන් 1කකට රැ 100 සෙස් එක විතරයි තියෙන්නේ. රෙදි නිෂ්පාදනය රෙදි ආනයනය කොට වෙළඳපළට නිකුත් කිරීමයි අතර වෙනස තීරණය කරන්නේ රු 100 සෙස් එකෙන්. රු 100න් පුළුවන්ද කර්මාන්තයක් නඩත්තු කරන්න. ඒ ඇය නගන ප‍්‍රශ්නයයි. 

මේ හේතූ නිසාම ඇත්තටම දේශිය රෙදි නිෂ්පාදන කර්මාන්තය අවපාතයට ලක්වෙලා තියෙනවා. අද අපේ රටේ ආනයනික රෙදි ඉතා අඩු මිල ගණන් යටතේ අලෙවි වෙනවා. අපේ රටට නොයෙකූත් රටවල් වලින් ආනයනික රෙදිපිළි ගෙන්වනු ලබනවා. නමුත් බෝහෝවිට ඒවායේ කිසිදු ප‍්‍රමිතියක් නෑ. ඒ ගැන කවුරැත් හොයන්නෙත් නෑ. ඒ කියන්නේ භාවිතා කරන්න සුදුසුද නැද්ද කියලවත් කිසිදු ප‍්‍රමිති පරික්ෂණයක් සිදුවෙන්නේ නෑ.

නමුත් දේශිය රෙදි නිෂ්පාදකයාට එතරම් අඩු මුදලකට තම නිෂ්පාදනය වෙළඳපළට යොදවන්න අමාරැයි. මොකද අපි මුදල් වියදම් කරලා අවදානමක් අරගෙන කර්මාන්ත කරගෙන යන්නේ. එතනදි දරන්න වන නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළයි. ඒ නිසා ආනයනික බාල රෙදි වගේ දේශිය නිෂ්පාදන අඩු මිල යටතේ වෙළඳපළට නිකුත් කරන්න බැහැ. අනිත් එක තමයි දේශීය නිෂ්පාදනවල ප‍්‍රමිතිය ඉහළයි.

ඇත්තටම චීනය තායිලන්තය වැනි රටවලින් ඉතාමත් බාල වර්ගයේ රෙදි ලංකාවට විශාල වශයෙන් ආනයනය වෙනවා. චීනය තායිලන්තය වගේ රටවල් ඔවුන්ගේ නිෂ්පාදන විශාල වශයෙන් සිදු කරනවා. ඇත්තටම සමාන්‍යයෙන් නිෂ්පාදන ප‍්‍රමාණය ඉහළ යනවිට ඒකක පිරිවැය පහළ මට්ටමක පවතිනවා. යුරෝපීය වෙළඳපළට සහ ආසියාතික වෙළඳපළට වෙන වෙනම නිෂ්පාදන යවනු ලබන අතර ඉතිරිවන බාල වර්ගයේ අඩුමිල ගණන් යටතේ නිෂ්පාදනය කළ හැකි රෙදි වර්ග ලංකාවට එවනවා. ඇත්තටම මෙය දේශිය රෙදි නිෂ්පාදකයන්ට විශාල අභියෝගයක්. ඇත්තටම මට කියන්න සතුටුයි වර්තමානයේ රජය මේ තත්ත්වය තේරුම් ගෙන යම් තරමකට ආනයනට සීමාකොට තියෙනවා. එය දේශිය කර්මාන්තකරුවන්ට රැකවරණයක්. අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන ව්‍යවසායකයන්ට එය සතුටට කරැණක් වේවි.

මා තවත් සඳහන් කළයුතු කරැණක තියෙනවා. මම දේශිය රෙදි කර්මාන්තයට පිවිසෙන විට මීට අවුරැදු 25 පෙර අපේ රටේ නූල් නිෂ්පාදනය කෙරැවා. ඒ කාලවලදී විදේශියවලින් ආනයනය කරනු ලබන නූල් සඳහා විශාල බදු මුදලක් ගෙවිය යුතුව තිබුණා. නමුත් එක්වරම එවකට පැවැති රජයෙන් ආනයනික නූල් සඳහා ගෙවිය යුතු බදු මුදල් සම්පුර්ණයෙන්ම අයින් කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී දේශිය නූල්වලට විදේශීය නූල් සමඟ තරගකාරීව වෙළඳපළේ පැවතිය නොහැකි වුණා. ඉතාම කෙටිකලකින් එම කර්මාන්ත සියල්ල වැසී ගියා. අන්තිමට දේශීය නුල් කර්මාන්තයට අදාළ යන්ත‍්‍ර සූත‍්‍ර කොටසක් ඉන්දියාවට අපනයනය කරනු ලැබු අතර ඉතිරිය යකඩවලට අලෙවි කරනු ලැබුවා. එතනින් දේශීය කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නූල් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතරවුණා.

මා මේ බව සඳහන් කළේ දේශීය රෙදි නිෂ්පාදන කර්මාන්තයට නිසි රාජ්‍ය රැකවරණයක් නොලැබුණොත් දේශීය නූල් කර්මාන්තයට අත්වූ ඉරණමම මෙම කර්මාන්තයවද අනාගතයේදී විය හැකියි. 

වර්තමානයේ දේශීය පේෂකර්මාන්තකරැවන්ට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන රාජ්‍ය ආයතනවලට ලබාගෙන පේෂකර්මාන්තය දියුණු කරන්න. උදාහරණයකට අද වනවිට පාසල් දරැවන්ගේ නිළ ඇඳුම් දේශීය පේෂකර්මාන්ත කරැවන්ගෙන් ලබාගත යුතුයි කියලා කර්මාන්ත අමාත්‍යංශය තීරණයකට ඇවිල්ලා තියෙනව. ඒකත් ඉතා වැදගත් තීරණයක්. ඒ වගේම මම මෙහිදී මතක් කරන්න කැමතියි පේෂකර්මාන්ත කරැවන් සේම දේශීය ගෙතූ රෙදි නිෂ්පාදකයින්ට (නිටි රෙදි) මේ අවස්ථාව ලබාදිය යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදනත් ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන සඳහා සැපයීමට අවස්ථාව ලබාදිය යුතුයි. පසුගිය වකවානුවේදී ඇත්තටම රාජ්‍ය ආයතනවලට විශේෂයෙන් ඔවුන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීම කරනු ලැබුවේ ආනයනික වෙළෙන්දන් විසින්. දේශීය ගෙතූ රෙදි කර්මාන්තය දියුණු කිරීමට නම් ආනයනික වෙළඳුන් අතේ තියෙන මෙම ඇණවුම් නිෂ්පාදකයින්ට ලබාදිය යුතුයි. පසුගිය කාලයේදී අපට තිබුණේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයක් නමුත් දැන් අපට තියෙනවා කර්මාන්ත හා සැපයුම් කටයුතු අමාත්‍යංශයක්. ඒ කියන්නෙ කර්මාන්තවලින් වාණිජ කටයුතු ගලවලා තියෙනවා. ඇත්තටම ඒක හොඳ දෙයක්. මොකද පසුගිය වකවානුව තුළ එකම අමාත්‍යංශයක් යටතේ මේ කටයුතු දෙකම කිරීම නිසා කර්මාන්ත ප‍්‍රතිපත්තිය වලපල්ලට ගිහිල්ලා වාණිජ ප‍්‍රතිපත්තිය ඉදිරියට ආවා. හේතුව කර්මාන්තකරැවන් විදියට අපේ ප‍්‍රශ්න අපි සාකච්ඡා කළ යුත්තේ ඔවුන් සමඟයි. වෙළෙන්ඳන්ද පැමිණිය යුත්තේ එකම අමාත්‍යංශයකටමයි. එහිදී සංඛ්‍යාත්මකව ගත්කල වෙළෙන්දො වැඩියි ව්‍යවසායකයො අඩුයි. එමනිසා වෙළඳ ප‍්‍රතිපත්තිය ඉදිරියට පැමිණියා. වර්තමානයේ එසේ නොවිය යුතුයි.

දේශීය රෙදිපිළි නිෂ්පාදනය ගැන කතා කරනවිට ගෙතූ රෙදි ක්ෂේත‍්‍රය ගැන කතා නොකරන නිසා මා පසුගිය දිනක ඒ පිළිබඳව විමසීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයට ගියා. ඇත්තටම අද වනවිට දේශීය රෙදි නිෂ්පාදනය සම්බන්ධව සිටින ලේකම් තුමිය ඇතුළු සියලුම නිලධාරීන් ඒ ගැන ඉතා උනන්දුවෙන් කටුතු කරන බව මට පෙනී ගියා. ඒ අවස්ථාවේදී එහි පැවති සාච්ඡාවකට මටද සහභාගීවීමට අවස්ථාව ලැබුණා. ඇත්තටම මට එහිදී හිතුණ දෙයක් තමයි එවැනි සාකච්ඡාවලදී කර්මාන්තකරුවන් වගේම රෙදි නිෂ්පාන කටයුතු සහ ඒ සඳහා ක්‍රියාත්මකවන යන්ත‍්‍රසුත‍්‍රවල ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ඇති ටෙක්ස්ටයිල් සම්බන්ධව උගත් විශ්වවිද්‍යාලවල හෝ කාර්මික විද්‍යාලවල ආචාර්යවරුන් වැනි උගතුන්ද එයට සහභාගී කරවාගත හැකි නම් එම සාකච්ඡා වඩාත් ඵලදායී විය හැකි බව සහ නිරවද්‍ය තොරතුරු ලබා ගතහැකි බව. ඇත්තටම අද කර්මාන්ත අමාත්‍යංශය කර්මාන්තකරැවන් වෙනවෙන් පෙනී සිටිනවා. කර්මාන්තකරැවන්ගෙ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන තත්ත්වයක් පෙනී යනවා. ඇත්තටම ව්‍යවසායකයින් විදියට අපට ඒ ගැන සතුටු විය හැකියි.

වර්තමානයේදී රජය රෙදිපිළි ආනයනය සීමා කරලා තියෙනවා. එය ඉතා හොඳ කටයුත්තක්. නමුත් මේ තත්වයන් දිගින් දිගටම කළ නොහැකියි. නුදුරේදී ආනයනකරැවන්ට අවස්ථාවක් දිය යුතු වෙනවා. නමුත් එහිදී දේශීය කර්මාන්තකරුවා රැක ගතයුතු වන අයුරින් එය කළ යුතුයි. අවම වශයෙන් අප ඉල්ලන රු 100ක සෙස් බද්ද ඩොලරයක් දක්වාවත් ඉහළ යා යුතුමයි හෝ රු 100 සෙස් බද්ද රු 200 වත් විය යුතුය. 

ලංකාවේ ගෙතූ රෙදි නිෂ්පාදන කර්මාන්තශාලා දැනටමත් 20 කට වඩා වැඩි ප‍්‍රමාණයක් තිබෙන අතර සුළු වශයෙන් කරගෙන යන කර්මාන්තශාලා (නිටින් සහ ඩයින් වෙන වෙනම) රාශියක් තියෙනවා. ඇත්තටම මෙම නිෂ්පාදකයින්ට අවස්ථාව ලැබෙන්නේ නම් ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදන තවදුරටත් පුළුල් කොට දේශීය පරිභෝජන අවශ්‍යතාවය සපුරාලිය හැකි මට්ටමක පවතිනවා. අද ලංකාවේ දේශීය ගෙතූරෙදි සඳහා ඇති ඉල්ලුම ඉහළයි. පෞද්ගලිකව මගේ කර්මාන්තශාලාවල ගෙතූ රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදී  දිනකට 15000Kg නිෂ්පාදනය වෙනවා. ඒ වගේම ඩයි කර්මාන්තශාලාවේදී දිනකට 12000kg වේ. මා දන්නා මගේ නිෂ්පාදන ප‍්‍රමාණයයි මේ සියල්ල වෙළඳපළට නිකුත් වෙනවා. අපට අළෙවිය පිළිබඳව කිසිදු ප‍්‍රශ්නයක් නැත. හොඳ ප‍්‍රමිතියෙන් යුතුනම් දේශීය ගෙතූ රෙදි නිෂ්පාදනයට දේශීය වෙළඳපළක් ඇත. ඇත්තටම 2009 මුලින්ම දේශීය රෙදි කර්මාන්තයකට ISO තත්ත්ව සහතිකය ලබාගත්තේ අපි. අපට තවත් නිෂ්පාදන කටයුතු පුළුල් කළ හැකිය. නමුත් ඒ සඳහා බොහෝ උත්සාහ කළත් අලූතින් කර්මාන්තයක් පටන්ගන්න යටිතල පහසුකම් ඇති කර්මාන්තපුරවලින් අවස්ථාක් ලැබුනෙ නැහැ. ඇත්තටම ලංකාවෙ කර්මාන්තපුරවල දේශීය නිට් රෙදි නිෂ්පදකයින්ට මා දන්නා තරමින් අවස්ථාවක් ලැබිලා තියෙනවා අඩුයි. මේ සඳහා උත්සාහ කළා මටත් අවස්ථාව ලැබුණෙ නැහැ. 

2015 ශ්‍රී ලංකාවෙ කර්මාන්ත හා වාණිජ මණ්ඩලය හොඳම කාන්තා ව්‍යවසායිකාව ලෙස බස්නාහිර පළාත් අති විශාල කර්මාන්ත කාණ්ඩය යටතේ හොඳම කර්මාන්තය ලෙසත් සම්මානයට පාත‍්‍ර වෙලත් මටත් වස්ථාව නොලැබුණේ නම් අනිත් රෙදි නිෂ්පාදකයින් ගැන කිවයුතු වන්නේ නැත. ඇත්තටම රජයන් විසින් යටිතල පහසුකම් ලබාදෙමින් කර්මාන්තපුර ආරම්භකර ඇත. එම කර්මාන්තපුරවල අද දක්නට ලැබෙන්නේ බොහෝවිට කර්මාන්තවලට වඩා ගබඩාවල්ය. කර්මාන්තපුරවලින් ඉඩම් ලබාගත් බොහෝ ව්‍යාපාරිකයින් අද වන විට අක්කර ගණනින් ගබඩා පහසුකම් සපයමින් ඒවායින් මුදල් උපයා ගනින් සිටී. 

උදාහරණයක් ලෙස රත්මලානේ කර්මාන්තපුරයද මේ වනවිට විශාල වශයෙන් කර්මාන්තවලට වඩා ගබඩා කුලියට දෙන ස්ථානයක් බවට පත්වී ඇත. ඒවා නිසි පරිදි සොයා බලා අධීක්ෂණය කළයුතුයි. එමෙන්ම බොහෝ කර්මාන්තපුරවල අත්හැරදැමූ කර්මාන්තශාලා හා ඉඩම් ඇත. ඒවා නිසි පරිදි අධීක්ෂණය කළ හැකි කර්මාන්තකරැවන්ට ලබාදිය යුතුය.

ඇත්තටම අද කර්මාන්තකරුවන් ව්‍යවසායකයින් වෙනුවෙන් පෙනී සිටින්න වෙනමම අමත්‍යංශයක් තිබීම පැසසිය යුතු කරැණක් වගේම රජය ගත් හොඳ ක්‍රියාමාර්ගයක්. ඒ වගේම එහි කටයුතු තවත් හොඳින් කරගෙන යන්න නම් ඒ එක් එක් කර්මාන්ත ක්ෂේත‍්‍රය පිළිබඳව අවබෝධයක් ඇති උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරැන් ඒ සඳහා සම්බන්ධ කරගත යුතුයි. එමෙන්ම ආනයන සීමා කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගයෙන් ඇත්තටම කර්මාන්ත කරැවන්ට ව්‍යවසායකයින්ට හොඳ දිරිගැන්වීමක් රුකවරණයක් ලැබෙනවා. රටක් දියුණු කළ හැක්කේ එරට කර්මාන්ත ක්ෂේත‍්‍රය දියුණු කිරීමෙන් විනා තාවකාලිකව වෙළෙන්දන් සතුටු කිරීමෙන් නොවනබව රජය සහ ජනාධිතිතුමා අවබෝධ කරගැනීම ඇත්තටම කර්මාන්තකරැවන් වන අප විසින් බලාපොරොත්තු වන කරැණක් වගේම රටකට අවශ්‍යවන්නේද එවැනි තීරණයි. රටක ජීවනාළිය එරට කර්මාන්තකරැවායි. අප කොතනින් හෝ පටන්ගත යුතුයි. දැන් එවැනි යම් අවස්ථා උදාවී ඇත. 

සටහන සංජීවිකා සමරතුංග
සේයාරුව සුමුදු හේවාපතිරණ