2020 මැයි 23 වන සෙනසුරාදා

‍‍ෆේස්බුක් කොරෝනා

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමඟ මෑතක දී නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆේස් බුක් (Face book) හෙවත් ‘මුහුණු පොත’ හැඳින්විය හැකිය. අපේ රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවකට වඩා (28% ක් පමණ) වැඩි පිරිසකට ෆේස්බුක් ගිණුම් තිබේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අඩුම තරමින් දවසකට පැයක් හමාරක් ගත කරන්නේ එහිය. මිතුරැ ඇසුරු පවත්වාගෙන යාමේ සිට, ව්‍යාපාරික ගනුදෙනු පවත්වාගෙන යාමටත්, දිනපතා රටේ තොටේ සිදුවන දේ දැනගැනීමටත්, දේශපාලන මතවාද ප්‍රචාරය කිරීමේ සිට යම් යම් මතවාද භාවිතා කිරීමටද මෙරට බොහෝ දෙනා ෆේස් බුක් පාවිච්චි කරති.

2004 දී ආරම්භ කෙරුණු ෆේස්බුක් සමාජ ජාලය 2006 පමණ සිට මෙරට බොහෝ ජනතාවගේ පරිහරණයට පත්විය. එතැන් සිට එයට සම්බන්ධවන්නන්ට ඒ ඔස්සේ තමන්ගේ නිෂ්පාදනයක්, නිර්මාණයක් එකවරම මේ රටේ මිලියන 6 කට පමණ ගෙන යා හැකිව තිබිණි. කිසියම් තොරතුරක් පමණක් නොව කිසියම් දැනුමක්ද අසුරු සැණින්, මිලියන 6 කට පමණ එකවර මුදාහැරීමේ හැකියාවක් තිබිණි. එපමණක්ද නොවේ. ලංකාවේ සිටින එක් ග්‍රාහකයකුට තමන්ගේ පණිවිඩය ලොවපුරා මිලියන 2380 ක් වූ සමස්ත ෆේස්බුක් ග්‍රාහක පිරිසක් වෙතද සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය පසුබිමද එමගින් නිර්මාණය වී තිබිණි.

කොරෝනා ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ බොහෝ දෙනා නිවසට වී සිටිමින් තමන්ගේ වගකීම් ඉටුකළ අතර එහිදී කොරෝනා ගැන අපගේ නෙත ගැටුණු ෆේස් බුක් පිටු අතර තිබූ විවිධ නිර්මාණ කිහිපයක් දේශයේ අප ඔබගේ රසාස්වාදනය සඳහා මෙලෙස පළකර සිටිමු.

- හසිත් අංජන

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00