2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

මිත්‍රත්වය... රන්වන් ගිවිසුමක්!

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 569

මිත‍්‍රත්වය යනු අන්තර් පුද්ගල ඇසුරකට වඩා ඔවුන් අතර ගොඩනැගෙන ගිවිසුමකි.  ගිවිසුම් කඩ කිරීම සරල සමාජ ක‍්‍රියාවලියක් බවට පත්නොවන්නේ එය අන්තර් පුද්ගල ක‍්‍රියාකාරිත්වයක් තුළින් සමාජශීලී හැඩගැසීම් සහිතව නිර්මාණය වන බැවිනි. අද්‍යතන ගෝලීය සමාජ ක‍්‍රමවේදය තුළ මිත‍්‍රත්වය යන සංකල්පයෙහි හැඩරුව අතීත සමාජයට වඩා සුවිශේෂී දිශානතියකට අනුගත වී ඇති ආකාරය පැහැදිලි වේ. ඉතිහාසයෙහි නිශ්චිත භූගෝලීය සීමාවක මිත‍්‍රත්වය යන සංකල්පය අන්තර්පුද්ගල ලෙස ගොඩනැගුණ ද වර්තමානයෙහි එම භූගෝලීය සීමා පමණක් නොව සමාජ, සංස්කෘතික සීමා ද අතික‍්‍රමණය කරමින් එය ගොඩනැගෙන ආකාරය පැහැදිලි වේ. මෙහි ප‍්‍රබල ලෙස හැඩරැව වෙනස් වීමත් සමඟින් වෙනසකට භාජනය වූ ප‍්‍රබල ක‍්‍රියාවලියක් තිබේ. එනම් මිත‍්‍රත්වය යන සංකල්පයෙහි ගුණයෙහි වෙනස් වීමයි. ඉතිහාසයෙහි සමූහය තුළ ගොඩනැගුණු සංශක්තික බව මෙහි ප‍්‍රබල කාරණාවක් වුවද වර්තමානයෙහි එම එකට එකතු වී ගොඩනැගුණු ශක්තිය බිඳ වැටී ඇති ආකාරය පැහැදිලිය. තවද කෙනකුට මිත‍්‍රත්වය යන සංකල්පය පාදකව ඇසුර නිර්මාණය වුවත් එහි ගුණාත්මක බව තුළ ඇසුර සඳහා නිවැරදි පදනමක් ගොඩ නැගී නොමැති බැව් පෙනේ. මෙය සරල නොවන්නේ සමාජශීලී සත්ත්වයෙකු බව පමණක් නොව මිත‍්‍රත්වය නැමැති සාධකය තුළ පුද්ගල සහ සමාජ සංවර්ධනයේදී අවශ්‍ය කාරණා මොහු තුළ ගොඩනගාගත හැකි බැවිනි. මිනිසාට එකතු වීමට අවශ්‍ය පදනම ඔහු විසින්ම බිඳ දමා ඇති ආකාරය පැහැදිලි වේ. මෙහි ඇත්තේ ඒ අනුව මිනිසුන්ගේ ශක්‍යතා බිඳවැටීමේ ක‍්‍රමවේදයයි. මෙය සරල සමාජ කාරණාවක් නොවන බව පැහැදිලි වන්නේ මිත‍්‍රත්වය යනු ද අන්තර් පුද්ගල ලෙස ගොඩනැගෙන සමාජ කාරණාවක් බවට පත්වන බැවිනි.

මිත‍්‍රත්වය අන්තර්පුද්ගල ලෙස ගොඩනැගෙන බැවින්  එහි ප‍්‍රබල කාරණාවක් බවට පත් වන්නේ සත්‍යවාදී වීමය. එහෙත් සත්‍යවාදී නොවී සමාජයෙහි අසත්‍ය මත ගොඩනැගෙමින් ව්‍යාජ තොරතුරැ  සහ ඒවා කේලම් බවට පරිවර්තනය කර ගනිමින් මිතුරාගේ සහ සමාජයේ පුද්ගල සහ සමාජ මනස පමණක් නොව එහි ක‍්‍රියාවලියට ද  ප‍්‍රබල බලපෑම් එල්ල කරන්නේ නොදැනුවත්කමටත් වඩා හිතාමතාම බව පැහැදිලි වේ. එතරම් මිනිසා අසභ්‍ය වී ඇති ආකාරය දැකිය හැකිය. ඉතිහාසයෙහි ගමෙහි කාන්තාවන් ළිඳ ළඟට එකතු වී ප‍්‍රදේශයෙහි කරැණු හුවමාරු කරගත්තත්  එහි ස්වරෑප වර්තමාන සමාජයෙහි  කාර්යාල සහ ඩිජිටල් දුරකථන තාක්ෂණය පදනම්ව ගොඩනඟමින් සත්‍යවාදී නොවන බව පැහැදිලි කරගත හැකි වන්නේ  ඉතිහාසයෙහි කාන්තාවන්ගේ ස්වරෑප  වර්තමානයෙහි කාන්තාවට පමණක් නොව පිරිමියාට ද උරැම වී ඇති ආකාරය පෙන්වා දෙමිනි. මේ තුළ පැහැදිලි වන එක් කරැණක් වන්නේ මිත‍්‍රත්වය ඩිජිටල්කරණය වීමත් සමඟින් මුහුණට මුහුණ හමු නොවීමේ කාරණාවක්  සමඟින් ඕනෑම දෙයක් කීමට අවශ්‍ය පදනම ඒ තුළ නිර්මාණය වීමයි. මින් පැහැදිලි වන්නේ  මිනිසාගේ චර්යාත්මක කාරණා තාක්ෂණිකකරණයට පත්වීමකටත් වඩා තාක්ෂණයට   අනවබෝධ ලෙස යටපත් වීමේ කාරණාවක් ලෙසයි.

තවද ප‍්‍රබල ගුණය බවට පත් වන්නේ වාචාලකමට තැන් තැන්වල කියවීම හෝ කියමින් යාම හෝ නොවේ. මිතුරාගේ සුවිශේෂී ගුණයක් වන්නේ වැඩිපුර ඇහුම්කන් දීමේ ස්වරූපයයි. තමන්ගේ මනසෙහි තිබෙන සියලු කාරණා තුළින් ඉදිරියේ සිටින අනෙකාට බලපෑම් කිරීම ද නොවේ. එහෙත් අද මිත‍්‍රත්වය යනු ඔවුන් අතර ප‍්‍රබල යටපත් වීමේ කාරණාවක් බවට පත් වී තිබේ.

තවකෙකු ඉදිරියෙහි මිතුරාව හෝ තමන් ළඟින් ඇසුරැ කරන කෙනා අපහසුවට පත් කිරීම් ඔහු අභිමුඛව හෝ අනභිමුඛව සිදුවන්නේ නම් එය ප‍්‍රබල ගැටලුවකි. එය  පුද්ගල සහ සමාජ  සංවර්ධනය සඳහා ප‍්‍රබලව බලපෑම් එල්ල කරයි. මේවා වර්තමාන ආයතන තුළ ප්‍රබලව දැකිය හැකි  වන අතර ඒ තුළ පුද්ගල සහ සමාජ විනය පමණක් නොව ආයතනික විනය ද  වේගයෙන් බිඳ වැටෙමින් තිබේ.

මිත‍්‍රත්වයෙහි කේන්ද්‍රගත තවද ප‍්‍රබල කාරණාවක් වන්නේ අවබෝධය හුවමාරැ කරගැනීමේ  ශක්‍යතාවයි. වර්තමාන සමාජයෙහි මිත‍්‍රත්වයෙහි අවබෝධය හුවමාරු කර ගැනීමෙහි  හැකියාවන් ගොඩනගාගත නොහැකි වන්නේ ඔහුට ඔහු පිළිබඳව පමණක් නොව ඔහු ඉදිරියේ සිටින අනිකා පිළිබඳව පමණකුදු නොව භෞතික සහ පරිසරාත්මක කරුණු සහ මානව සමාජ චර්යාත්මක කරුණු පිළිබඳ අවබෝධ කර ගැනීමට නොහැකි වීමේ තත්ත්වයෙන් පෙළීමේ කාරණා පවතින බැවිනි. ඒ අනුව පැහැදිලි වන්නේ මිනිසාට මිනිසාගේ ශක්‍යතා ගොඩනගා ගැනීමට ඔහුට නොහැකි වීමේ කාරණාවයි.

මිත‍්‍රත්වය තුළ ගොඩනැගිය යුතු වන්නේ පුද්ගලයා තුළ පවතින ගුණයන් නොව මිත‍්‍රත්වයේ ගිවිසුමට අදාළ ගුණයන්ය. පුද්ගලයාගේ ගුණය මිත‍්‍රත්වයට බලපෑ හැකි බැවිනි. පුද්ගල ගුණයන් ප‍්‍රවර්ධනය කර ගැනීම මිත‍්‍රත්වය  වර්ධනය කර ගැනීම සඳහා ප‍්‍රබල ලෙස බලපාන බව පැහැදිලි වේ. එවිට ඔවුන් තුළ ගොඩනැගෙන මිත‍්‍රත්වයේ ගිවිසුම ගුණාත්මක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. අනෙක් අතට පුද්ගල ජීවිතයෙහි පෞද්ගලික අවශ්‍යතා සංතෘප්තිය සඳහා මිත‍්‍රත්වය වැනි සාධක අවශ්‍ය නොවන බව පැහැදිලි කරගත යුතුය.

නැතහොත් පුද්ගල ජීවිතය තුළ තිබෙන සියලු කාරණා තුළින් තමාගේ ඉදිරියෙහි සිටින අනෙකාට ළංවීම නොවේ. එහිදී වර්තමානය තුළ දැකිය හැකිවන්නේ මිත‍්‍රත්වය යන සංකල්පය පාදකව තම මනෝභාවයන්ගේ සහ කායික සියලු කාරණා තුළින් අනෙකාට ළං වීමයි. මෙම සාධක තුළින් මිත‍්‍රත්වය සහ අන්තර් පුද්ගල ඇසුර දූෂණයට ලක්වන බව පැහැදිලි වේ. මෙම දූෂිත ස්වරූපය වර්තමානයෙහි ඕනෑම මිත‍්‍රත්වයක් තුළින් දැකගත හැකි වේ.

මිත‍්‍රත්වය  හෙවත්  යහලුකම් කුඩා අවධියේ සිට ගොඩනැගෙන ක‍්‍රියාවලියක් බව පැහැදිලි වේ. කුඩා අවදියෙහි යහලුකම් කායික සමීපත්වය මූලිකව පමණක් නොව බලාපොරොත්තු හුවමාරැ කර  ගැනීමේ ක‍්‍රියාවලියක් බවට ද පත්වේ. ඒත් වැඩිවියට පත්වන විට මිත‍්‍රත්වයේ ස්වරෑප වෙනස් වේ. එවිට සමාජ ධර්මතා පදනම්ව මිත‍්‍රත්වය ගොඩනැගෙන ආකාරය පැහැදිලි වේ. එහෙත් වර්තමානය තුළ දැකිය හැකි මිත‍්‍රත්වයෙහි මූලික ලක්ෂණය බවට පත් වන්නේ කුඩා අවදියෙහි ගොඩනගන කායික සමීපත්වය සහ බලාපොරොත්තු හුවමාරැ කර ගැනීමේ ක‍්‍රියාවලියක් බවට එය පරිවර්තනය කොට ගෙන ඇති ආකාරයයි.

මිත‍්‍රත්වය යනු අත්‍යවශ්‍යම කාරණාවක් වන අතර එය නිවැරදිව පදනම් වීමට ගුණාත්මක කරැණු රාශියකගේ බලපෑම ප‍්‍රබල විය යුතු බවද පැහැදිලි කරගත යුතුය. මිත‍්‍රත්වය ගොඩනැගීම සහ පවත්වාගෙන යෑම සඳහා පුද්ගලයන් තුළ අන්තර්පුද්ගල විශ්වසනීයත්වය පැවතිය යුතුය. අවංක බව සහ අනුකම්පාව පමණක් නොව පිළිගැනීම් සාධක ඒ තුළ තිබිය යුතුවා මෙන්ම ප්‍රේමයට වඩා ආදරණීය බව ඔවුන් අතර කේන්ද්‍රගත විය යුතුය. එමෙන්ම කරුණාවන්ත බව ද මෙහි ප‍්‍රබල කරැණක් බවට පත් වනවා පමණක් නොව මානසික වශයෙන් ගොඩනැගෙන ගුණාත්මක බව ද අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වේ. තමාට අනෙකාව තේරැම්ගැනීමට හැකිනම් ප‍්‍රබල සාධකයක් පමණක් නොව මිත‍්‍රත්වයෙහි දිගුකාලීන බව ද සුරකිනු ඇත. අනික් අතට මිත‍්‍රත්වය නෛතික කරැණුවලින් ද ඉවත් නොවනු ඇත. පරාර්ථකාමීත්වය සහ පරිත්‍යාගශීලී බව ද මෙහි අත්‍යවශ්‍ය කාරණාවක් වන්නේ ඔවුන් අතර ගොඩනැගෙන චර්යාත්මක කාරණා ඒ තුළ කළමනාකරණය කර ගැනීමේ හැකියාව ප‍්‍රබල වන බැවිනි.
එමෙන්ම තම ඇසුර සඳහා නොගැලපෙන හැඟීම් අමතක කළ හැකි වන්නේ නම් එය ප‍්‍රබල මානව කාරණාවක් බවට ද පත්වනු ඇත. තමා ඉදිරියෙහි සිටින අනෙකා තේරැම්ගත  හැකි බව තුළින්  කායික,  මානසික සහ සමාජීය වශයෙන් ගොඩනැගෙන වේදනාවන් අවම කර කරගැනීමේ හැකියාව ද පවතී.  

මිත‍්‍රත්වයේ තවද ප‍්‍රබල කරුණක් වන්නේ ඔවුනොවුන් එකතුව සතුටු විය හැකි බවයි.  එහෙත් වර්තමාන සමාජයෙහි එකතුව තුළ දක්නට ලැබෙන්නේ තමන්ගේ මනෝභාවාත්මක හෙවත් දෘශ්‍ය තුළ ගොඩනැගෙන සියලු කාරණා අනෙකාට පැවරීමේ ස්වරෑපයක් ලෙසය.  ඒ අනුව කේලම යනු ද එයට යටත් වන පුද්ගලයාගේ කරුණකට වඩා තමන්ගේ මනෝභාවයන් සමාජයේ ඉදිරියෙහි විවරණය කිරීමට ඉඩ හැරීමේ ක‍්‍රියාවලියකි. ඒ අනුව  හමුව තුළ සතුට ගොඩනගා ගැනීමට නම් තමන්ගේ මානසික ස්වරෑපයන් සහ ඒ තුළ ඔහු විසින් ගොඩනගාගනු ලබන දෘශ්‍ය නිවැරදි කර ගැනීමේ අවශ්‍යතාව පවතිනු ඇත. කේළම් කීමෙහි ඇත්තේ අසත්පුරුෂ බවක් මෙන්ම ඊරිසියා සහගත ස්වරූපයකි. ඊරිසියාව නොමැති වන්නේ නම් කිසිදින කේලම් කීම කළ නොහැකිය. ඒ අනුව කේලම යනු ද තනි මනෝභාවාත්මක ක‍්‍රියාවලියක් නොවන බව පැහැදිලිය. මනස තුළ ගොඩනැගෙන කිසිඳු ක‍්‍රියාවක්  තනි වූ හෝ හුදෙකලා වූ හෝ ඒවා නොවනු ඇත.

මිත‍්‍රත්වය යනු කැපකිරීමකි. තම අවශ්‍යතා සමාජ සාරධර්ම සහ ධර්මතා පදනම්ව ඉටුකර ගැනීමට කේන්ද්‍රගත කරගනු ලබන මූලික චර්යාත්මක ක‍්‍රියාවලියකි. ඒ අනුව ඔවුනට  මානසික සහ චර්යාත්මක වශයෙන් එක්කෙනෙකු බවට පත්වීමේ හැකියාව තිබිය යුතුය. එමෙන්ම අනෙකාගේ හැඟීම් නිවැරදිව අවබෝධ කරගැනීමට හැකියාව තිබිය යුතුවාක්  පමණක් නොව තම යහළුවාගේ විනිශ්චයකින් තොරව නොබියව ඔහුගේ වැරදි නිවැරදි කිරීමේ හැකියාව ද තිබිය යුතු වේ.

වැඩිහිටි මිත‍්‍රත්වයෙහි විශේෂී ලක්ෂණයක් වන්නේ ගොඩනැගෙන හැඟීම් සම්මුතියෙන් අත්හැරීමයි. අත්තුක්කංසනය හෙවත් ආත්ම සම්මානය හෙවත් ආත්ම සාක්ෂාත්කරණය දැකිය හැකි වීමයි.

මිත‍්‍රත්වය  ගොඩනැගීමට සහ පවත්වාගෙන යාමට පවතින බාධා ද රාශියක් දැකිය හැකිවේ.  ඒවා අතර ස්වේච්ඡතාව ප‍්‍රබල එකකි. මේ නිසා පුද්ගලයා වෙනස් වීමට සූදානම් නොවේ.  යම් දෙයක් හෝ ක‍්‍රියාවලියක් පිළිබඳ සිත තුළ දැඩි බලපෑම් ඇතිවන අතර එය ග‍්‍රස්ථිය යනුවෙන් ද හඳුනාගත හැකි වේ. තවද ප‍්‍රබල බලපෑමක්  බවට පත්වන්නේ සමාජ කුසලතා නොමැතිවීමයි. මිත‍්‍රත්වය ගොඩනැගීම් සහ පවත්වාගෙන යාම සඳහා මෙම කුසලතාව අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත්වේ. මෙවැනි තත්ත්වයන් පුද්ගලයා තුළ කේන්ද්‍රගත වනවිට ඔවුනට යහළුවන් සමූහයක් නොමැති වනු ඇත. මෙවැනි තත්ත්ව සහිත පුද්ගලයන්ට බොහෝදුරට සිටින්නේ එක් යහළුවෙක් පමණක් වීමද  සුවිශේෂි ලක්ෂණයකි. මෙම ශක්‍යතා සීමා වූවන් පිළිබඳ සමාජයෙහි අවධානය යොමුවීම වැදගත් වේ. නැතහොත් ඔවුන් සමාජයට ප‍්‍රබල විනාශයක් සිදු කරනු දැකිය හැකි වේ. 

එදිනෙදා අවශ්‍යතා සංතෘප්තිය සඳහා භාෂා භාවිතය සඳහා ගොඩනගන අනුහුරැවද  වැදගත්  වනු ඇත. මිත‍්‍රත්වය සඳහා අවශ්‍ය කුසලතා නොමැති වනවිට තමා වරදකරැවෙක්ය යන හැඟීම නිරන්තරයෙන් ඔහු තුළ පවතින අතර එය ඔහුගේ මානසික අවපාතය සඳහා පමණක් නොව තරහව සඳහා ද බලපාන ප‍්‍රබල සාධකයක් බවට පත්වනු ඇත. ඔවුන් තුළ අන්‍යෝන්‍ය සහයෝගිතාව නොමැති වනු ඇත. කාන්සා තත්ත්වය, ඊර්ෂ්‍යාව, සබඳතා තුළ කායික සහ මානසික ගොදුරැ බවට පත්වීම පමණක් නොව යහලුකම් පිළිබඳ ස්ථිරතා  නොමැති වීම ද මිතුරන් ඇසුරෙහි ප‍්‍රබලව බලපෑම් එල්ල කරනු ඇත.

මේ අනුව මිත‍්‍රත්වය යනු කායික මානසික කරැණු සංතෘප්තිය සඳහා ගොඩනැගෙන ඇසුරක් නොව ගෞරවපූර්ව ගිවිසුමක් වන අතර ඒ තුළ පුද්ගල සහ සමාජ සාරධර්ම සහ ධර්මතා බිඳ නොවැටෙන කරැණක් බවට පත්වන බැවින් මෙම ගිවිසුම් ආරක්ෂා කිරීමට පමණක් නොව සුරක්ෂිත කිරීමට ද අප අවබෝධ කරගත යුතු වේ.