2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ජපානය නිපදවූ ඩෙංගු නව එන්නත

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

ඩෙංගු රෝගය සඳහා ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් මගින් අත්හදා බලන ලද ප්‍රතිශක්තිකරණ එන්නතක් සාර්ථක වී ඇතැයි වාර්තා වේ. මෙම එන්නත නිපදවා ඇත්තේ ජපානයේ ටකේඩා නමැති සමාගම මගිනි. වයස අවුරුදු 4 සිට 16 දක්වා වයස් කාණ්ඩයේ දරැවන් යොදාගෙන සිදුකරන ලද පර්ඩයේෂණවලදී එම එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇතැයි නිව් ඉංග්ලන්ඩ් මෙඩිකල් ජර්නල් නම් සඟරාව සඳහන් කරයි. 

සෑම වසරකම ලොව පුරා පුද්ගලයන් මිලියන 400ක් පමණ ඩෙංගු රෝගයට ගොදුරුවන අතර ඉන් 25,000ක් පමණ මරණයට පත්වන බව පැවසේ. ටකේඩා සමාගම නිපදවා ඇති ඩෙංගු ප්‍රතිශක්තිකරණ එන්නත මදුරැවන්ගෙන් බෝවන රෝගවලට යහපත් ප්‍රතිචාර පෙන්වා ඇති නමුදු මින් ඉහත ඩෙංගු රෝගය වැළඳී නොමැති පුද්ගලයන් එක් වර්ගයක වෛරසයකින් ආරක්ෂා කිරීමට එම එන්නත අසමත් වී තිබේ. 

ලොව පළමු ඩෙංගු එන්නත වන සනෝෆිගේ ඩෙන්ග්වැක්සියා එන්නත පසු විපරම් පළමු වසරේ සමස්ත කාර්යක්ෂමතාව 59.2%ක් පෙන්නුම් කර ඇති අතර ටකේඩා සමාගම නිෂ්පාදනය කර ඇති නව එන්තත 80.2%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ.

ටකේඩා එන්නතෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ මූලික විශ්ලේෂණවලින් සනාථ වූයේ එය ඩෙංගු රෝග වර්ග හතර අතර අසමබර ආරක්ෂාවක් ලබා දිය හැකි වුවද කිසිදු දිනෙක ඩෙංගු ආසාදනයට ලක් නොවූ පුද්ගලයින්හට දරුණු රෝග වැළඳීමට ඇති අවදානම වැඩි විය හැකි බවටය. 

2017 සනෝෆි විසින් කරන ලද අනාවරණය අනුව ඩෙනොග්වැක්සියා එන්නත මගින්ද ඩෙංගු රෝගයට ගොදුරු නොවූ දරුවන් වෙනත් රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවිය හැකි යැයි පවසා තිබිණි. සනෝෆිගේ එම අනාවරණය සම්බන්ධයෙන් පිලිපීන රජය පරීක්ෂණයක් ඇරඹූ අතර ඒ වනවිටත් පාසල් ළමුන් 800,000කට ඩෙනොග්වැක්සියා එන්නත ලබා දී තිබිණි. අනාගත ඩෙංගු එන්නත්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා සනෝෆි එන්නතෙහි ක්‍රියාකාරිත්වය ව ඉහළ නැංවීමට පසුව පියවර ගැනිණි.

ටකෙඩාගේ එන්නත ලබාගත් මින් ඉහත ඩෙංගු රෝගයට ගොදුරු නොවූ සිසුන් ඇසුරින් කරන ලද පර් යේෂණයකට අනුව 75%ක පමණ පිරිසක්  වර්ග හතරේම ඩෙංගු රෝගවලට සාර්ථක ප්‍රතිචාර දක්වා ඇතැයි වාර්තා වී තිබේ.

මේ වනවිට පූර්ණ ආරක්ෂාව සැලසිය හැකි ඩෙංගු එන්නතක අවශ්‍යතාව ලොව පුරා පවතී. ටකේඩා  එන්නත වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත්තේ ඩෙංගු 2 ආසාදිත පුද්ගලයින් තුළය. ඩෙංගු 2 වර්ගය වැළැක්වීම සඳහා එය සියයට 97.7% ක පලදායි තත්ත්වයක් පෙන්නුම් කළද අනෙකුත් ඩෙංගු වෛරස වර්ග තුන සඳහා එහි බලපෑම මධ්‍යස්ථ යැයි පර්ඩයේෂකයෝ පවසති.

ඩෙංගුවලට පෙර නිරාවරණය නොවූ අය සහ පූර්ව නිරාවරණය වූ අය අතර ඩෙංගු 2 වර්ගයේ වෛරසයට එරෙහි ප්‍රතිඵලයේ වෙනසක් නොවූ අතර, පූර්ව නිරාවරණය නොවූ අයට ඩෙංගු 1 වර්ගයේ වෛරසයට වඩා තරමක් අඩු සාර්ථකත්වයක් පෙන්වා තිබේ.

ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් මහජන සෞඛ්‍ය පාසලේ ඩෙංගු පර්යේෂකයකු වන වෛද්‍ය ඇනා ඩර්බින් පවසන්නේ සමස්තයක් වශයෙන් මෙම එන්නතෙහි ප්‍රතිඵල දිරිගන්වන සුළු වන බවටය.

ප්‍රධාන වශයෙන් ඩෙංගු 3 වෛරසය හා ඇතැම් විට ඩෙංගු 4 වෛරසය කෙරෙහි එන්නතෙහි අසමතුලිතතාවයක් තිබිය හැකි වුවද එහි කාර්යක්ෂමතාව ඉතා ඉහළ යැයි ඇය පවසා තිබේ. 

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන රටවල අනුමැතිය සඳහා තම එන්නත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද, එය 2020 වසරේ දෙවන භාගයේදී සිදුකිරීමට නියමිත බවද ටකේඩා සමාගම පවසයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00