2019 ජනවාරි 26 වන සෙනසුරාදා

සේනා දළඹුවා ඉරිඟු වගාවෙන් තුනෙන් එකක් වනසයි

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

I හසිත් අංජන

සේනා දළඹු උවදුර වී, එළවළු ඇතුළු තවත් බෝග රාශියකට ව්‍යාප්ත වී ඇතත් ඉන් වැඩිම හානිය සිදුව ඇත්තේ බඩඉරිඟු වගාවට බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි හා පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා පවසයි.

මෙම වගා හානිය මෙරට සමස්ත බඩඉරිඟු වගාවෙන් 30% පමණ වෙතැයි හෙතෙම සඳහන් කළේය. කොතරම් හානි සිදුවූවත් ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැති බවද ඔහු කීය.

මේ වනවිට මෙරට හෙක්ටයාර් 48000ක පමණ වගාවන් දළඹු විශේෂය හේතුවෙන් විනාශ වී ඇති අතර සමස්ත බෝග 100කට පමණ මෙම දළඹු විශේෂය විසින් හානි කළ හැකි බවට හඳුනාගෙන ඇත. සේනා දළඹු උවදුර පිළිබඳ රටපුරා ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය 16 වැනිදා සිට ආරම්භ කර තිබේ.

රජය මගින් මෙලෙස හානියට පත් බඩඉරිඟු ගොවීන්හට හෙක්ටයාර් එකකට වගා හානි මුදල ලෙස රුපියල් 40000ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙන බවද අනුර විජේතුංග මහතා පැවසීය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00