2019 ජනවාරි 12 වන සෙනසුරාදා

කව්ද මේ අබ්රහස් ඉලුමිනේට්ස්ලා!

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

මේ කතාව කියවන ඔබ ඇතැම්විට සතපහකට එය විශ්වාස කරන්නේ නැත. සමහරක් විට විශ්වාස කරනු ඇත. එහෙත් නැත්නම් සත්‍ය අසත්‍යතාවයක් සිතාගනු නොහැකිව විලම්භීත වනු ඇත.

මේ කතාව ලියුම්කරුට ලැබෙන්නේ යුරෝපයේ ජීවත්වන හිතවතියකගේ මාර්ගයෙනි. ලියන්නට යන මේ අද්භූත කණ්ඩායමේ සාමාජිකයකු විසින් ඇයට කළ පාපෝච්චාරණයකට අනුව මේ ලිපිය සකසන්නේය. එය පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔබ සතු තීරණයක් වන අතර එහෙත් මෙවැනි දේ ලෝකය තුළද ක්‍රියාත්මක වේ.

මේ කණ්ඩායම ඉලුමිනේට් (Illuminate) නමින් හඳුන්වනු ලබයි. දැනට අමෙරිකාවේ සිට ක්‍රියාත්මක වන රහස්‍ය අද්භූත මෙම කල්ලිය ආරම්භ වන්නේ ජර්මනියෙන් බව එම කණ්ඩායමේ සාමාජිකයින්ගේ මතය වී ඇත. මේ කණ්ඩායමට සාමාජිකයන් කීයක් සිටිනවාද නැද්ද යන්න ඔවුන් කිසිවක් දන්නේ නැත. එසේ දැනගන්නට විදිහකුත් නැත. ඒ මේ කණ්ඩායමේ සමාජිකයන් එකිනෙකා තම සාමාජිකත්වයේ රහස ලෝකයෙන් වසන් කරන නිසාය.

එසේ ඔවුන් එකිනෙකා තම සාමාජිකත්වය ලෝකයෙන් වසන් කළත් ඔවුන්ට ඔවුන් හඳුනාගත හැකි විශේෂ සංකේත පවත්වගෙන යනු ලබයි. විශේෂයෙන් ඔවුන් අතට අත දීමේදී අපට වඩා වෙනස්ය. සිකුරාදා දිනයන්වල රතුපාට ඇඳුම් ඇඳීම එක් සංකේතයකි. ඊටත් වඩා ඔවුන්ගේ සංකේතය වන පිරමීඩයක් තුළ වූ ඇස ඇතැම් පිරිස් තම ශරීරයේ හංවඩු ගසා ගනී. එසේම එම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන්ගේ නිවෙස් නිමවා ඇත්තේ පිරමීඩයක් ලෙසටය. ඒ ඔවුන් හඳුනාගැනීම සඳහාය.
දැනට මොවුන් ලෝකය පුරා විසිරී සිටින අතර ඔවුන් සිය සාමාජිකත්වය අන්තර්ජාලය හරහාත් ඇතැම්විට ඔවුන්ගේ සාමාජිකයන්ගේ විශ්වාසය මතත් ලබාදෙන බව සඳහන්ය. එහෙත් සාමාජිකත්වය ගැනීම එතරම් ලෙහෙසි පහසු වන්නේ නැත. එසේ සාමාජිකත්වය ලබාදීමට අදාළ පුද්ගලයන්ගේ සමාජ වටපිටාව කෙරෙහි සැලකිලිමත්වන බවද දැනගන්නට ඇත. කොටින්ම කියතොත් යම් පුද්ගලයකු ඔවුන්ගේ වෙබ් අඩවි පරීක්ෂා කරන්නේ නම් ඒ ගැන පවා අවධානයෙන් සිටින බව සඳහන්ය.
ඉහත කී කරුණු කාරණා දැනගත් පසු ඔබට ඇති වන ප්‍රශ්නයක් ඇත. ඒ මෙවැනි කණ්ඩායමක් කුමකටද? එවැනි කණ්ඩායමක සාමාජිකත්වය ගන්නේ කුමකටද? යන්නය. ඒ පිළිබඳ ඔවුන්ගේ අදහස මෙසේය. යම් පුද්ගලයකුට ජීවිතයේ අරමුණක් ඇත්නම්, ඒ අරමුණට ළඟාවීමට අමාරැනම් ඒ සඳහා රුගෙන යාම මේ කණ්ඩායම විසින් සිදුකරයි. එසේ සිදුකරන්නේ නම් ඔවුන්ට අනුව අදාළ පුද්ගලයා ජීවත් විය යුතුය. නැතහොත් බැඳීමක් ඇති කරගත යුතුය. ඔවුන් අපගේ අරමුණට යාමට උදව් කරන්නේ නම් ඔවුන්ගේ අරමුණු වලටද අප ඒ ආකාරයෙන්ම උදව් කළ යුතුය. සැබවින්ම ඒවා අරමුණුවලට වඩා ඔවුන්ගෙන් ලැබෙන නියෝගය.

යම් ආකාරයකින් ඔවුන්ගේ සංවිධානයට තම පවුලේ සාමාජිකයකු හෝ වෙනත් බාහිර පුද්ගලයකු මැදිහත් වන්නේ නම් සංවිධානය යම් ආකාරයකින් නියෝග කළහොත් ඔහුව ඉවත් කරන්න යැයි කියා එය ඉවත්කළ යුතුමය. එහිදී අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් කියා බේරෙන්නට බැරිය. කියූ දේ එලෙසම සිදුකළ යුතුය.

යම් ආකාරයකින් එසේ සිදු නොකළහොත් ඔහු ඉලුමිනේට් සංවිධානයේ නීතිවලට අනුව කැමැත්තෙන් සියදිවි හානිකරගත යුතුව ඇත. එසේ කරන ලෙස නියෝගයක් ලදහොත් කිසිදු අයුරකින් ගැලවීමක් නැත. ගැලවීමට උත්සාහ ගතහොත් ජීවිතයට අබිරහස් මරණයක් උරුමවනු ඇත.

ඔවුන් සිය කණ්ඩායමේ සාමාජිකයින් ලෙස යම් යම් ජනප්‍රිය පුද්ගලයන් හඳුන්වාදී ඇත. මයිකල් ජැක්සන්, බෲස් ලී, ජෝන් එෆ් කෙනඩි, පෝල් වෝකර් වැනි ජනප්‍රිය පුද්ගලයන් රුසක් තම සංවිධානයේ සිටි බව ඔවුහු පෙන්වා දෙති. එසේම එම සාමාජිකයන්ගේ මරණද අභිරහස් ලෙස සිදුවූ බව ඔවුන්ගේ අදහසය. ඔවුන් නොකියා පවසන්නේ ඔවුන්ට අවනත නොවූ පිරිසට අත් වූ ඉරණම ගැනය. ඒ නිසා මෙය සුළුපටු සංවිධානයක් නොවන බව ඔවුන් විසින්ම සමාජගත කොට ඇත. විශේෂයෙන් ලෝකයේ නැගීගෙන එන ගායකයන් අබිරහස් ලෙස සියදිවි හානිකර ගැනීම් සිදුවන බවත් එසේ සිදුකරන්නේ ඔවුන්ගේ මැදිහත් වීම මත බවත් මතයක් ඇත. එපමණක් නොව ඔවුන්ගේ නිර්මාණ සඳහා කොහෙන් හෝ මේ ලාංජනය පෙන්වීම එක් පැත්තකින් සිදුකරනු ඇත. ඒ ඔවුන්ගේ ඇදහීමය.

මෙහි විශේෂත්වය වන්නේ උත්තරීතර යැයි හිතන ඔවුන් ඇතැම් අවස්ථාවල එක්ව ලේ පානය කිරීමය. ලේ පානය කරන්නම් අප අසා ඇත්තේ, දැක ඇත්තේ ඩ්‍රැකියුලා චිත්‍රපටවලය. එහෙත් මොවුන්ද ලේ බොන පිසාචයන් සේ වරක හැසිරේ. එනම් වසරක එක් දිනයක කණ්ඩායමේ සියලු සාමාජිකයන්ගේ ලේ ගෙන්වා ගනු ලබයි. එසේ ගෙන්වා එකට ලේ මිශ්‍රකොට කුප්පිවලට අසුරා නැවත යවනු ලබයි. එසේ යවා එකම දිනකදී එම ලේ කුප්පි පානය කරන බව සඳහන් වේ. එදින උත්සව දවසකි. ඒ සාමාජිකයන්ගේ ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීම සඳහාය. ඒ නිසා තැන් තැන්වලට ගාල්වන මෙම කණ්ඩායම් තමන්ගේම ලේ තමන් උරාබොමින් සතුට සමරති.

කෙසේ වෙතත් දැනට මේ කණ්ඩායමේ සාමාජිකයන් ලංකාව තුළද ජීවත්වන බව දැනගන්නට තිබේ. එහෙත් ඔවුන් එහි සාමාජිකයන් දැයි නිශ්චිතවම කියන්නට සාක්ෂි නැත. එහෙත් අප සැරිසරන සමාජය තුළ ඉලුමිනේට්ලා ජීවත්වනු ඇත.
මේ කතාව කියවූ පසුව ඔබට නොයෙක් අද්භූත කතා මතක් වනු ඇත. අද්භූත පුද්ගලයන් සිදුවීම් මතක් වනු ඇත. ඒ මේ ඉහත කී කතාව තුළ ඇති ගැටගැසුණු යම් යම් කාරණා නිසාය. සමහර විට මෙය විශ්වාස නොකරනු ඇත. විහිළුවක්යැයි දැනෙනු ඇත. එහෙත් මේ ලෝකය පුරා පැතිරැණු කටකතාවක් පමණක් විය නොහැක. එසේම අන්තර්ජාලයේ පවා මොවුන් සිටිනා බවට ලිපි පළවන්නේ නැත. ඒ නිසා මෙහි සැඟවුණු කතාවක් ඇත. එහෙත් එයද අබිරහසකි. ඒ අබිරහස කෙතරම්ද යත් මේ ආකාරයෙන් මෙම එලුමිනේට් සංවිධානය පිළිබඳ කරැණු හෙළි කිරීම අභිරහස් මරණයකට හේතුවකි. ඒ නිසා මෙය කියවන ඔබත් අපත් දෙස ඔවුන් නෙත් යොමා බලා සිටිනු ඇත.

I ගයාන් ගාල්ලගේ