2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 103

අද කාලයේ ආදරය නූතන ගැජමැටික් එක්ක මාර ළඟයි. ඒ කියන්නේ කෙල්ලට හරි කොල්ලට හරි පණිවිඩයක් යවන්න ඕනේ නම් කෝල් එකක් නෙමෙයි, කෙළින්ම මූණට මූණ බලාගෙන කතා කරන්න පුළුවන්. හම්බවෙන්න බැරිම වුණත් දවසට තුන් හතර පාරක් දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒ නිසා නූතන උපකරණත් එක්ක කරන ආදරය හරි පරිස්සමින් කරන්න ඕනේ.

පහුගිය කාලෙම කීපවතාවක් අපිට දැකගන්න පුළුවන් වෙච්ච ප්‍රවෘත්තියක් තමයි සැමියා විසින් බිරිඳව ඝාතනය කරලා කියන සිද්ධි. හේතුව මොකක්ද? මිනිහා ගෙදර ආපුවම ගෑනි ගණන් ගන්නේ නැතුව ෆෝන් එක ඔබනවා කියලා. දවස් දෙක තුනක් කිව්වා බැරිම තැනන මැරුවා. තව මොනවද? ආහ්... බිරිඳ වෙනත් පුරුෂයන් එක්ක මැසේජ් කළා කියලා මැරුවා.

දැන් මේ මරණ මොනවද? ඔක්කොම තාක්ෂණය එක්ක ඇති වෙච්ච අවුල්. හැමදේම ක්ෂණික කෝපය, ඉවසිලිවන්ත කමක් නෑ. සැකයි වගේ කාරණා. මේකට එකක් බලපානවා අපේ සංස්කෘතිය. සංස්කෘතියට අනුව බිරිඳ අයිති ස්වාමියාට විතරයි. වෙන උන් එක්ක උකුළු මුකුළු බෑ (මේක ස්වාමියාට අදාල නෑ), කසාද බැන්දම ගෑනි මිනිහා වෙනුවෙන් ඉන්න ඕනේ. රස්සාවල් බෑ. බත් තම්බලා ළමයි බලාගත්‍තම ඇති. අනෙක් කාරණය පුරුෂ මූලික සමාජයක් ඇතුළේ ලිංගිකත්වය රහසක්. ඒ නිසා බයයි. මේ කාරණා නිසා අපේ රටේ කාන්තාවෝ හොඳටම හිරවෙලා ඉන්නේ.

දැන් බලන්න කොල්ලයි කෙල්ලයි යාළුවෙලා ඉන්න කාලයේ නිකන් හරි කෙල්ලගේ ෆෝන් එක වෙනත් ඇමතුමක සම්බන්ධවෙලා තියෙන්න. කොල්ලා අහන ප්‍රශ්න? මොකාද කතා කළේ? ඌ මොකටද කතා කළේ? ඌ කවුද? ඌව දන්නේ කොහොමද? අන්තිමට අහනවා “තමුසේ ඌ එක්ක යාළුයි නේද?” කියලා. කෙල්ලට දුක හිතිලා අඬපුවාම කොල්ලා අඬ අඬ කියනවා “මම මෙච්චර හොයන්නේ ඔයාට ආදරේ නිසානේ පැටියෝ” කියලා. හැබැයි වැඩේ පහුවෙනකොට කොහුවෙලා ෆෝන් එකෙන්ම නවත්තලා දානවා ආදරය. ඊටපස්සේ මොකද කරන්නේ? අයින් වෙච්ච දවසේ ඉඳලා සමහර කොල්ලෝ ෆොටෝ එළියට දානවා, විඩියෝ එළියට දානවා. සම්පූර්ණයෙන් කෙල්ලව නැති බංගස්තාන කරලා දානවා. මේ ඔක්කොගෙම අවසානය කෙල්ල හරි කොල්ලා හරි වහ බීලා නැත්තන් බෙල්ලේ වැලදාගෙන මැරෙන එක. ඔක්කොම කතාව මේ ෆෝන් එකක කෝල් එකක් නිසා ඉවර වෙනවා.

ඔය වගේ තමයි විවාහයත්. එතනදිත් දැඩි නීතිරීති දාලා හිරකරගෙන පවුල් කන්න ගියාම වෙන්නේ පවුල කඩලා යන එක. එහෙම කී දෙනෙක් ෆෝන් එක නිසා පවුල් කඩාගෙන තියෙනවද?

ඒ නිසා ඕනෑම දෙයක් භාවිත කරද්දි ඉතා පරිස්සමින් සහ ඉවසිල්ලෙන් භාවිත කරන්න ඕනේ. වැඩිය දැඟලුවොත් ගොඩක් දේවල් අහිමි වෙන්න පුළුවන්. විශේෂයෙන් ආදරය කරද්දී විශ්වාසය සහ ඉවසිලිවන්තභාවය වැදගත්. එහෙම වෙනතාක් ඕනෑම තාක්ෂණයක් පරාජය කරන්න පුළුවන්. මේක ලෝකයේ වෙනවා. හැබැයි, අපේ වෙන්නේ ෆෝන් එක තියාගෙන ඉවසිල්ල නැති කරගන්නවා. අන්තිම රණ්ඩු සහ මරණය විතරයි. ඒ නිසා ජීවිතය ගැන මීට වඩා ආදරයෙන් හිතන්න. ප්‍රශ්න අඩුවෙයි. වගකීම් සහගත වෙන්න.

►මම
බ්‍රෝ...

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00