2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

මේ ලියනකොට මම තවමත් මග රස්තියදු වෙනවා. ඇයි? කෝච්චි වර්ජන. ස්ටේෂන් වහලා. මිනිස්සු බස්වල එල්ලිලා වැඩට යනවා. උසස් පෙළ කරන ළමයි පාරවල් ගානේ. මිනිස්සු ඔෆිස්වලට එන්නේ 10ට විතර. කිසිම සේවකයෙක් සතුටෙන් නෙමෙයි වැඩට එන්නේ. හැමෝම යක්කු වගේ. ඇඟේ හැප්පුණත් තරහා යනවා. ඇයි ඉන්නේ හැමෝම තරහෙන්. ආණ්ඩුවට බණිනවා, කෝච්චියට බනිනවා. අරයට මෙයාට හැමෝම බණිනවා.

හැබැයි මේ සියලු දේ අස්සේ ආණ්ඩුව තිරසාර සංවර්ධනයකට හීන මවනවා. නිකම් නෙමෙයි 2030 වෙනකම්. මොන විහිළුද? රටේ මහජනතාවට වැඩට යන්න එන්න බැරි ප්‍රවාහන සේවයක් රටේ නැතිකොට මොන තිරසාර සංවර්ධන වැඩසටහන්ද?

වෘත්තීය සමිති තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරනවා. ගේම ඉල්ලන්නේ ආණ්ඩුවෙන්. හැබැයි බිල්ලට තියාගන්නේ අපිව. හරියට නිකන් කොල්ලකාරයෝ වගේ. ඇත්තටම වෘත්තීය සමිති කියන්නේ කවුද? වැඩ කරන ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ? හැම එකටම උද්ඝෝෂණ, වර්ජන. අරගල එදිනෙදා ජීවිතේ කොටසක් වෙලා. මිනිස්සුන්ට වගේ වගක් නෑ. මේකෙන් වෙන්නේ මොකක්ද?

ඔව්. වෙන්න ඕනේ දේ පහුගියදා වුණා. අන්තිමට ජනතාව වෘත්තීය සමිතිවලට විරුද්ධව උද්ඝෝෂණය කරන්න ගත්තා. දැන් වැඩ කරන ජනතාව වෙනුවෙන් අරගල කරන සංවිධානවලට එරෙහිව වැඩ කරන ජනතාව එළියට බැහැලා තියෙන්නේ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ජනතා විරෝධය කිසිම සංවිධානයක් නැතිව මගතොටේ සිදුවෙන්න පටන් අරගෙන. මේක භයානක තත්ත්වයක්. මේක පාලනයට එන විශාල අභියෝහයක්. අවසානයේ වෙන්නේ මේක පාලනයට එරෙහි අරගලයක් වෙනවා. එතැනදී ආණ්ඩුවයි ජනතාවටයි හැප්පෙන්න වෙනවා. ඒකෙන් රට අයාලේ යනවා.

ලෝකයේ මහා රාජ්‍ය බිඳ වැටුණේ වෘත්තීය සමිති අරගලවලින් නෙමෙයි. කඩා වැටුණේ ජනතාවගේ නැගිටීම මත. ජනතාව පෙරට ආපුවම මහා ගස් වගේ හිටිය ආණ්ඩු කඩා වැටුණා. අන්තිමට ආණ්ඩු ජනතා මර්දනයට යන්න වුණා. ඒ නිසා ජනතා බලය වැදගත් සාධයකයක්. ගොඩක් දෙනෙක් නොහිතන තැනකට දැන් මේ රට ඇවිත් තියෙන්නේ. ඒක ජනතා අරගලයක් බවට පෙරළිලා.

රටේ නායකයෝ මීට වඩා ජනතාවගේ දේවල්වලට සංවේදී වෙන්න ඕනේ. මේවා ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. ජනතාව එළියට බැහැලා "අපිට ගෙදර යන්න කෝච්චියක් දීපන්" කියන තැනකට රටේ පාලනය වැටෙන්න නරකයි. ඒත් වැටිලා ඉවරයි. විසඳුම් නැති පාලන අවසානයේ යන්නේ මර්දනයට. දැන් ඒ මර්දන සමය ළංවේගෙන එන්නේ. ඊට කළින් සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ. ඒකට නිවැරදි දැක්මක් ඕනේ. ඒ දැක්ම අපි ඉදිරියේ කතා කරමු.

►මම
බ්‍රෝ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00