2019 ජනවාරි 05 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්ද පැරැණි ක්‍රමයට: පක්ෂ නායකයෝ එකඟයි

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

දේශපාලන වාර්තාකරු I

කල්දමා තිබෙන පළාත් සභා හයක මැතිවරණ පැරණි මැතිවරණ ක්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයෝ එකඟ වූහ.

පසුගිය සිකුරාදා (04) උදෑසන කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී හමුවූ පක්ෂ නායකයෝ මේ තීරණය ගත්හ.

මෙම හමුවට දෙමළ ජාතික සන්ධාන නායකයන් සහභාගී නොවූ අතර සෙසු පක්ෂ නායකයෝ එම තීරණය අනුමත කළෝය.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව ගැන අග්‍රමාත්‍යවරයා දැනුවත් කිරීමට ද එජාප නියෝජිතයෝ එකඟ වූහ. කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ තමන් මේ සම්බන්ධව මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා දැනුම්වත් කර මැතිවරණය කඩිනම් කිරීමට පියවර ගන්නා බවයි.