2019 ජනවාරි 05 වන සෙනසුරාදා

මහින්ද පිලට එරෙහිව ශ්‍රීලනිප සංවිධායකයෝ ගේම ඉල්ලති

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

I ගයාන් ගාල්ලගේ

පක්ෂය අතහැර ගිය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරැන් 40 දෙනකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවීමට එම සංවිධායක පිරිසක් තීරණය කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය අත හැර වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කළ පිරිස නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයටවත් බාර නොගන්නා ලෙස මෙම ලිපිය මගින් දැනුම් දීමට නියමිතව ඇත.

එසේම ඒත් සමඟ පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයක් කළ යුතු බවද ඔවුන් එම ලිපිය හරහා දැනුම් දීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.