2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

ශ්‍රීලනිප මූලස්ථාන යතුරු මරදාන පොලීසියේ

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

I දේශපාලන වාර්තාකරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි තාවකාලිකව වසාදමන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යතුරු මරදාන පොලීසියට භාරදී ඇතැයි දේශයට වාර්තා වෙයි.

පසුගිය බදාදා උදෑසන ඩාර්ලි පාර ශ්‍රී.ල.නි.ප. මූලස්ථානය වසා දැමීමෙන් පසු එහි යතුරු භාර ගැනීමට පක්ෂයේ කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා කාර්යාලයේ සේවකයකු විසින් යතුරු මරදාන පොලීසියට භාරදුන් බව ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේය. පක්ෂ මූලස්ථානය නැවත විවෘත කරන දිනය ජනාධිපතිතුමා මෙරටට පැමිණීමෙන් පසු තීන්දු කරනු ඇති බවද හෙතෙම පැවසීය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01