2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

චීන ජනපතිගෙන් මහින්දට සුබපැතුම්

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

I දේශපාලන වාර්තාකරු

චීන ජනපති ක්ෂී ජිං පිං මහතා විපක්ෂනායක පදවියට පත් මහින්ද රාජපක්ෂ මහතාට සුබපැතූ බව විපක්ෂනායකවරයාගේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන චීන ජනාධිපතිවරයාගේ අත්සන සහිත විශේෂ සුබපැතුම් පතක් රැගෙන රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණි කොළඹ සිටින චීන තානාපතිවරයා සිය නායකයාගේ සුබපැතුම් සමඟ විශේෂ ත්‍යාගයක්ද බාරදුන්නේය. රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා වශයෙන් පත්වීම නිමිත්තෙනුත් 2019 ලබන වසරටත් චීන ජනපතිවරයා රාජපක්ෂ මහතාට සුබපතන බව තානාපතිවරයා නිල වශයෙන් රාජපක්ෂ මහතාට මෙහිදී දැනුම් දී ඇත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01