2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

යූඑන්පී ජෙ ්‍යෂ්ඨයෝ 05 කට නි. අැමැති පදවි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

I දේශපාලන වාර්තාකරු

වාර කිහිපයක් එ.ජා.ප.යේ මන්ත්‍රී ධූර දැරූ මෙතෙක් නියෝජ්‍ය අමාත්‍ය පදවියක් හෝ නොලත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් 5 දෙනකුට ඉදිරි සතියේ නියෝජ්‍ය අමාත්‍ය පදවි ලබාදීමට නියමිත බව එ.ජා.ප. ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව නව නියෝජ්‍ය අමාත්‍ය පදවි ලබනු ඇත්තේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීන් ලක්ෂ්මන් විජේමාන්න, රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග, නුවරඑළිය  දිස්ත්‍රික් මන්ත්‍රී කේ.කේ. පියදාස, පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී සින්න මහරුප් යන මහත්වරැන් බව එ.ජා.ප. ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. මේ හැර රාජ්‍ය අමාත්‍ය පදවි දෙකක් රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක යන මහත්වරුන්ට ලබා දීමට නියමිත යැයිද සඳහන් වෙයි.