2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

මහ ඡන්දයක්?

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 388

I දේශපාලන වාර්තාකරු

නියමිත කාලයට පෙර කඩිනම් මහ මැතිවරණයකට යෑම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට එ.ජා.ප. රජයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. එහෙත් පක්ෂයේ මැති ඇමැති පිරිසක් තවමත් මෙම අදහසට එකඟ වී නැත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන මෙයට පෙර වාර ගණනාවක්ම අදහස් දක්වා තිබිණි. පසුගියදා පැවති ගෝල්ෆේස් රැලියේදීත් ඔහු සඳහන් කළේ මහ මැතිවරණ පැවැත්විය යුතු කාලය ගැන සෑම පක්ෂයකම මතය විමසා ඉක්මන් තීන්දුවක් ගන්නා බවය.

මෙම කරුණු ගැන අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතාද කඩිනම් මහ මැතිවරණයක අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

පවත්නා ව්‍යවස්ථාව අනුව වසර 4 ½කට පෙර මහ ඡන්දයකට යන්නට නම් මැතිසබයේ 2/3ක මන්ත්‍රී සංඛ්‍යාවක් ඒ ගැන යෝජනා සම්මත කොට ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා සිටිය යුතුය.