2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

රජය තෙල් මිල බස්සයි

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

ගයාන් ගාල්ලගේ I

තෙල් මිල සූත්‍රයට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සිකුරාදා (21) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අඩුකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 10කින් අඩු කළ පසූ 125 දක්වාද, පෙට්‍රල් ඔක්ටේන් 95(සුපර් පෙට්‍රල්) ලීටරයක මිල රුපියක් 10කින් අඩුකළ පසු 149 දක්වාද අඩුවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ලංකා ඔටෝ  ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩුකළ පසු රුපියල් 101ක දක්වාද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකළ පසු  රුපියල් 121 දක්වාද අඩුවන බව ඔහු වැඩිදුරටත් කීය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අඩු වීමේ වාසිය ජනතාවට ප්‍රදානය කරමින් මෙම සහනය පිරිනමන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.    

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01