2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

මගේ ඇමැතිකම ජනපති කපා දාලා - ෆවුසි

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 124

ගයාන් ගාල්ලගේ I

අග්‍රාමාත්‍යවරයා විසින් වෙන්කළ තම කැබිනට් අමාත්‍යධුරය ජනාධිපතිවරයා විසින් කපා ඉවත්කර ඇති බවට තමන්ට දැනගන්නට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා දේශයට පැවසීය.

එහෙත් ඒ ගැන තවමත් අගමැතිවරයා සමඟ සාකච්ඡා නොකළ බවත් ඉදිරියේදී තමන්‍ට සිදුවු අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් සමඟ ඉදිරියේ සාකච්ඡා කරන බව මන්ත්‍රීවරයා කීය.

තමන් කිසිවිටෙක ඇමතිධූර ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩුවට එක් නොවූ බවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්වූ බවත් ඒ හේතුවෙන් තමන්ව අග්‍රාමාත්‍යවරයා අමාත්‍යධුරයකට නම් කළ බවත් හෙතෙම සඳහන් කළේය.