2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

කුඩු ජාවාරමාගේ ගෙදරට පොලිස් ආරක්ෂාව

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

I දේශපාලන වාර්තාකරු

කුඩු වෙළෙඳාමේ නියුතු අපරාධ චෝදනා ලත් තැනැත්තකුගේ නිවෙසට 10 දෙදෙනකුගෙන් යුත් පොලිස් භට පිරිසකගේ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ඊට අදාළ නියෝග නිකුත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීන්දු කර ඇත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට ලැබුණ පැමිණි අනුව ගල්කිස්ස ප්‍රදේශයේ කුඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලත් තැනැත්තෙකුගේ නිවසට මෙබඳු පොලිස් ආරක්ෂාවක් යොදා ඇතැයි කියැවිණි. අදාළ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කළ මූලික විමර්ශනයේදී තොරතුරට අදාළව කරුණු රැසක් වාර්තා වී ඇති බැවින් නියෝජ්‍ය පොලිස්පත්වරයා ගැන විමර්ශනයක් ආරක්ෂක ලේකම්වරයාගේ මෙහෙයැවීමෙන් පැවැත්වෙන බව දේශයට වාර්තා වෙයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01