2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

මහින්ද ඉවත් වෙයි

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 155

දේශපාලන වාර්තාකරු I

මෙතෙක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අධිකරණ තීන්දුවට ගරුකරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීන්දු කර තිබේ. ඒ බව රාජපක්ෂ මහතා සිය පක්ෂ මන්ත්‍රී කණ්ඩායමටද සිකුරාදා දැනුම් දී තිබිණි.

එහෙත් තමන් ඇතුළු කණ්ඩායම මැතිසබයේ විපක්ෂයට ගිය පසු ඒකාබද්ධ විපක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමට මැතිසබයේ විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ හවුල්කරුවකු නොවීමත් දෙමළ ජාතික සන්ධානය එ.ජා.ප අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහාය පළකිරීමත් නිසා විපක්ෂ නායක ධුරය තමන්ගේ කණ්ඩායමට හිමිවිය යුතු බව රාජපක්ෂ මහතා සිය මන්ත්‍රී කණ්ඩායමට වැඩිදුරටත් දන්වා සිටියේය.

ජාතිය අමතා වි‍ශේෂ ප්‍රකාශයක් කිරීමෙන් පසුව  සෙනසුරාදා රාජපක්ෂ මහතා අගමැති තනතුරින් ඉවත් වනු ඇතිබව ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00