I යසවර්ධන රුද්රිගු
පසුගිය නොවැම්බර් මාසය තුළ පමණක් ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 885ක් ආයෝජකයන් විසින් ඉවත් කරගනු ලැබ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.
2018 ඔක්තෝබර් වනවිට ශ්‍රී ලංකාව සතුව ඩොලර් සංචිත මිලියන 7903ක් තිබුණු අතර නොවැම්බර් මාසය අවසන් වනවිට එම ප්‍රමාණය මිලියන 7018ක් දක්වා පහළ වැටී ඇත.
අමෙරිකාව ඩොලර්වලට ගෙවන පොලී අනුපාත වරින්වර ඉහළ දැමීම නිසා ආයෝජකයන් සිය වත්කම් ඉවත්කරගෙන ගොස් එරට ආයෝජනය කිරීමේ ප්‍රවණතාව මේ වනවිට ඉහළ ගොස් ඇත. එයට අමතරව දැනට ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති අයහපත් දේශපාලන වාතාවරණයද මෙයට හේතු වී තිබේ.
ඩොලර් සංචිත දුර්වල වීම නිසා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය දිනවල 180 ඉක්මවා පහළ ගොස් තිබුණි. රුපියලේ විදේශ අගය පහළ වැටීම දේශීය මිල මට්ටම ඉහළ යාමටද හේතු වී තිබේ.