2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

එජාපෙ රජයක් සඳුදා පිහිටුවනවා - ජෝන් අමරතුංග

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

ගයාන් ගාල්ලගේ I

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව හෙට (17) දිනයේ පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා දේශයට පැවසීය.

ඒ සඳහා වූ සාකච්ඡා ජනාධිපතිවරයා සමඟ මේ දින කීපයේ පැවැත්වෙන බවත් ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් නම් කරන බවත් හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම නව ආණ්ඩුව පවත්වාගෙන යායුතු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සඳහා සහයෝගය ලබාදෙන අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවද අමරතුංග මහතා කීය.