2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා

අගමැති ධූරයට රනිල් ගේන්නැයි මැතිසබයට යෝජනාවක්

 2018 දෙසැම්බර් 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

I දේශපාලන වාර්තාකරු

අග්‍රාමාත්‍යවරයා ලෙස නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ යුතු බවටත් ඔහුට විශ්වාසය පළකරන බවටත් වූ විශේෂ යෝජනාවක් ලබන 12දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එ.ජා.ප.ය තීන්දු කර තිබේ.

ඒ අනුව එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙදින අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය. එය බහුතර  ඡන්දයෙන් සම්මත කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කරන ලෙස ජනපතිවරයාට බල කිරීම එ.ජා.ප.යේ අරමුණ බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට ප්‍රකාශ කළේය.

එහෙත් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාම අත්සන් කර යෝජනා ඉදිරිපත් කළද තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බවයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01