2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

අන්තරේ අපේ නොවේ (කුමාර ගුණරත්නම්)

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 937

I විමුක්ති රත්නමලල

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තම පක්ෂයට අයත් සංවිධානයත් නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා දේශයට පැවසීය.

විවිධ දේශපාලනික කණ්ඩායම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තම පක්ෂය විසින් මෙහෙයවන බව පැවසුවද සැබෑවටම එවැන්නක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ අයිතිය ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයටයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පෙරමුණකට එය බලෙන් අත්පත්කරගත නොහැකි වගත් පැවසූ කුමාර් ගුණරත්නම් තමන් හා තම පක්ෂය සිසුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලවලදී මැදිහත් වී ශිෂ්‍ය අරගල ශක්තිමත් කිරීම පමණක් සිදුකරන බව අවධාරණයෙන් පැවසීය.