2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

පුංචි අයවැය නඩු තීන්දුවට පස්සේ

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

I සංජීවිකා සමරතුංග

2019 වසරේ මුල් මාස 4 සඳහා රාජ්‍ය වියදම් අනුමත කරගැනීමට ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම මැතිසබය විසුරුවා හැරීමට එරෙහි නඩු තීන්දුවෙන් පසු සම්මත කරගැනීමට මුදල් අමාත්‍යංශය තීන්දු කර තිබේ.

යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිසබය විසුරුවා හැරීම අවලංගු කළහොත් පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත වන නිසා අතුරු සම්මත ගිණුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය.

එසේ නොමැතිව මැතිසබය විසුරුවා හැරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කළහොත් මැතිවරණය හමාරවන තෙක් රාජ්‍ය වියහියදම් පියවා ගැනීමට මුදල් අනුමත කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙයි.

එමනිසා මෙම තීරණාත්මක නඩු කටයුත්ත හමාරවන තෙක් අතුරු සම්මත ගිණුම ක්‍රියාත්මක කිරීම ගැන තීරණයක් නොගන්නා බව මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.