2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

දුමින්ද දේශපාලනයෙන් සමුගනී?

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

I දේශපාලන වාර්තාකරු

ශ්‍රීල.නි.ප. ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම පාර්ලිමේන්තු කාලයෙන් පසු මැතිවරණ තරග නොකර දේශපාලනයෙන් ඉවත්වීමට සැරසෙන බව දේශයට වාර්තා වෙයි. පසුගිය දිනවල දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ දුමින්ද තමන්ගේ මෙම තීරණය සිය සමීපතමයන් ගණනාවකට දැනුම් දී තිබේ.

දැනට වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ ඇමැති ධුරය දරන හෙතෙම වසර 2000 සිට 2018 දක්වා වර්ෂ 18ක් මන්ත්‍රී උප ඇමැති හා කැබිනට් ඇමැති ධුර දරා ඇත. ශ්‍රීල.නි.ප. හිටපු මහලේකම්වරයකු වන දුමින්ද දිසානායක මහතා දැනට පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හොබවයි.

අමාත්‍ය දිසානායකගේ මෙම තීරණය ගැන කරුණු විමසීමට ඔහු දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට දේශය වාර ගණනාවක් උත්සාහ කළද එම උත්සාහය අසාර්ථක විය.