2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

යහපාලන දූෂණ වංචා FCID යට දෙන්න - මන්ත්‍රී රංජිත් සොයිසා

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

I ගයාන් ගාල්ලගේ

යහපාලන රජයේදී සිදූවූ බව කියන මුල්‍ය වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදෙන ලෙසට ආණ්ඩුවේ මන්ත්‍රීවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා දේශයට පැවසීය.

ඒ සඳහා තමන් ඇතුළු මන්ත්‍රීවරු ඉදිරි සතියේදී ලිඛිතවත් වාචිකවත් ජනාධිපතිවරයාට කරුණු දැනුම් දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මන්ත්‍රිවරු දඩයම් කිරීමේ අරමුණිත් ආරම්භ කළ මෙම කොට්ඨාසයෙන්ම ඔවුන්ට විරුද්ධව පැමිණිලි විභාග කළ යුතු බව මන්ත්‍රිවරයා කීය. එසේම ඊට අදාළ නඩුද විශේෂ අධිකරණයේදී ඇසිය යුතුබවටත් මන්ත්‍රිවරු මෙහිදී දැනුම්දීමට නියමිත බව මන්ත්‍රීවරයා පැවසීය.