2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලියුමක්

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 219

ගයාන් ගාල්ලගේ l

දැනට රටේ පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට නම් ස්ථීර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙසට මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් දන්වා සිටිති.

දැනට රටේ ආර්ථිකය, සමාජය, දේශපාලනිකමය මෙන්ම ආගමික වශයෙන් දිනෙන් දින පිරිහෙමින් පවතින බවත් ඒ තුළින් රටේ පැවැත්ම ඉතා ඉක්මනින් බිඳ වැටෙන බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දී ඇත.

ඒ නිසා පවතින දැඩි අර්බුදකාරී තත්වයෙන් මිදෙන්නට නම් පාර්ලිමේන්තුව රැස්කොට මේ පිළිබඳව කඩිනම් තීරණයක් ගන්නා ලෙසත්, ඒ හරහා ව්‍යවස්ථානුකුලවත්, දේශපාලන සදාචාරත්මක භාවයත් ආරක්ෂා කරමින් සුදුසු පියවරක් ගැනීමට හැකි බවත් ඒ හරහා මහජනතාවගේ අභිවෘද්ධිය සහ යහ පැවැත්මත් රටේ සහජීවනයත් ආරක්ෂා කරගත හැකි බව උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.