2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

පූර්ණ විනිසුරු මඬුල්ලකට පොහොට්ටුවෙන් මෝසමක්

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 180

දේශපාලන වාර්තාකරු l

මැතිසබය විසුරුවා හැරීමේ ජනපතිවරයාගේ තීන්දුවට අභියෝග කරමින් පවරා ඇති නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගෙන හමාර කරන ලෙස විශේෂ මෝසමක් මගින් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් විසින් තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පක්ෂ නායකයන්ගේ උපදෙස් මත ඉදිරිපත් කෙරෙන මෙකී (මෝසම) මගින් අඩුම තරමින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හෝ පත්කොට කඩිනමින් නඩුව විභාග කර තීන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව පොදුජන පෙරමුණු ආරංචි මාර්ග කියයි. ජාතියේ හිතසුව පිණිස වහා ඉටුකළයුතු  කාර්යයක් ලෙස මෙකී නඩුව කඩිනමින් සලකා බලන්නැයි ඉල්ලා සිටීමටද පොදුජන පෙරමුණ අපේක්ෂා කරන බව පැවසේ.