2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මැති සබය විසුරුවයි : ඡන්දය ජනවාරි දෙවැනි සතියේ ?

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 366

දේශපාලන වාර්තාකරු l

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මැතිසබය විසුරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි. පත්‍රය මුද්‍රණයට යන අවස්ථාවේ අප වෙත වාර්තා වූ ආකාරයට මීළඟ මහ මැතිවරණය ජනවාරි මස දෙවැනි සතියේ පැවැත්වෙනු ඇත. 

නාම යෝජනා කැඳවීම නොවැම්බර් 21 දායින් පසුව සිදු කරන බව කියැවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) වගන්තිය සහ 1983 අංක (1) දරණ මැතිවරණ ආඥාපනත (පසුව සංශෝධිත) ප්‍රකාරව ජනාධිපතිවරයා සතු බලතල අනුව මෙම විසුරුවා හැරීම සිදු කළ බව දැනගන්නට ඇත.

ඊට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීති විශාරදයන්ගේ මතය ද විමසා තිබිණි. ඒ අනුව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු සහ විශ්‍රාමික විනිසුරුවරු ගණනාවක් ඊට අදාළ නීතිමය තත්ත්වය පැහැදිලි කර දුන්හ.

සිකුරාදා සවස් භාගයේ අමාත්‍ය මණ්ඩලයේ පැවති පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව මැතිසබය විසුරැවා හැරීමේ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අත්සන් තැබූ බව වැඩිදුරටත් වාර්තා විය.