2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

වාණිජ ආයතන ලොක්කෝ එන සතියේ

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 192

I දේශපාලන වාර්තාකරු

රාජ්‍ය බැංකු, කොළඹ කොටස් හුවමාරු වෙළෙඳපොළ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලොතරුයි මණ්ඩලය ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය වාණිජ ආයතන සඳහා නව ප්‍රධානීන් පත්කිරීම ලබන සතියේ සිදුකෙරෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙම ප්‍රධාන රාජ්‍ය වාණිජ මර්මස්ථාන සඳහා පාලක මණ්ඩල පත්කිරීම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකෙරේ. දේශයට ලැබී තිබෙන ආරංචි මාර්ග අනුව ඉහළ පෙළේ වෘත්තිකයන් හා දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ නම රැන්දූ ප්‍රවීණයන් පිරිසක් මෙම ආයතනවල පාලක මණ්ඩල සඳහා තෝරාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ කමිටුවට උපදෙස් දී ඇත.