2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

රට සල්ලි ආපසු අදී

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

I යසවර්ධන රුද්රිගු

පවත්නා දේශපාලන අර්බුදය හේතුවෙන් රටේ තිබූ විදේශ විනිමය පිටරටට ඇදීයාම වේගවත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

ඔක්තෝබර් 25 සිට 31 දක්වා කාලය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් කෝටි 670ක් සහ රාජ්‍ය බැඳුම්කරවලින් රුපියල් කෝටි 1100ක් ඉවත්කරගෙන ඇති බව නවතම මහ බැංකු වාර්තා සඳහන් කරයි. විදේශීය ආයෝජකයන් පසුගිය 07 දිනය තුළ පමණක් රුපියල් කෝටි 29ක පමණ වටිනාකම ඇති කොටස්, කොටස් වෙළෙඳපොළින් ඉවත් කරගෙන තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ දර්ශක අනුව ඔක්තෝබර් 31 දින සිට මේ දක්වා සියයට 1.24කින් පහළ ගොස් එහි අගය 5987.21ක් බවට පත්ව ඇත. වසරේ මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳපොළින් රුපියල් කෝටි 1600ක් හා රාජ්‍ය සුරැකුම්පත්වලින් රුපියල් කෝටි 10,000ක් රටට අහිමි වී තිබේ.