2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

තානාපතිලා 10ක් කැඳවයි

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

I දේශපාලන වාර්තාකරු

වසර 2015 පත්වීම් ලබා දැනට සේවා කාලය වසර තුනක් ඉක්මවූ තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් 28 දෙනා අතරින් 10 දෙනකු පමණ ඉක්මණින් මෙරටට කැඳවනු ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මේ 10 දෙනාම පසුගිය රජය යටතේ දේශපාලන පත්වීම් ලද්දවුන් බවත් කියැවේ. ඉතිරි පිරිස තවත් තුන් මසකින් පමණ ශ්‍රී ලංකාවට කැඳවා ඒ රටවලට වෙනත් තානාපතිවරුන් පත්කිරීම සිදුවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙම තානාපතිවරුන්ගෙන් බහුතරය පත්වීම් ලැබුවේ වර්ෂ 2015දීය.

විදේශ අමාත්‍යංශයේ සාමාන්‍ය පිළිවෙත අනුව විදේශ සේවයේ තානාපතිවරයකුට වසර තුනක නිල කාලයක් හිමිවෙයි. විදේශ සේවයේ නොවන තානාපතිවරයකුට ලැබෙන්නේ වසර 2ක නිල කාලයකි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01