2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

පොලිස්පති තීන්දුව ලබන සතියේ

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

දේශපාලන වාර්තාකරු l

අභිනව කැබිනට් මණ්ඩලය ස්ථාපිත කළ සැණින් ඉදිරි සතියේ නව පොලිස්පතිවරයකු පත් කිරීම ගැන තීන්දුවක් ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ ගැන දැනටමත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟත්වයකට පත්ව සිටිතියි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග කියයි.

දේශයට වාර්තා වන ආකාරයට අභිනව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පත් කිරීමට අදහස් කරන බව සඳහන් වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂක සේවාවට අදාළ රාජකාරි ගණනාවක්ම දැනටමත් නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහට පවරා ඇත.