2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

මැතිසබයේ සටන 07 වැනිදා

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

දේශපාලන වාර්තාකරු l

ලබන සඳුදා (05 දා) පාර්ලිමේන්තුව කැඳවීමට රජය කලින් ගෙන තිබූ තීරණය පසුගිය බ්‍රහස්පතින්දා අවලංගු කරනු ලැබීය. එහෙත් ලබන 07 දා මැතිසබය නිශ්චිත වශයෙන්ම කැඳවන බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

05 දාට යොදාගෙන තිබූ මැතිසබා රැස්වීම හදිසියේ අවලංගු කරනු ලැබුවේ 2019 අයවැය වෙනුවට ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිණුම එදිනට පෙර සකසා අවසන් කරගත නොහැකි වීම නිසාය. රජය වෙනස් වීමට පෙර සැලසුම් කර තිබුණේ 05 දා සවස අය-වැය ඉදිරිපත් කිරීමටයි.

එහෙත් දින දෙක තුනක් තුළ අතුරු සම්මත ගිණුම සැකසීම අසීරු බව මුදල් අමාත්‍යංශය රජයට දැනුම් දී තිබිණි. දැනට වාරාවසාන කර ඇති මැතිසබය 05 දා රැස් කර ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඊට පසුදා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමට කලින් සැලසුම් සකස් කළ නමුත් ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යංශය දැන්වීම හේතුවෙන් මැති සබය කැඳවීම තවත් දින කිහිපයකින් කල් දැමෙනු ඇත.

පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අනුව කල්තබා ඇති මැතිසබය නියමිත දිනට පෙර කැඳවන්නේ නම් ජනාධිපතිවරයා එය කැඳවන දිනට දවස් තුනකට කලින් ඒ බව ගැසට් මඟින් ප්‍රකාශ කළ යුතුය.

පවතින ව්‍යවස්ථාමය විධිවිධාන යටතේ ජනපතිවරයා විසින් වාරාවසාන කළ මැතිසබය කැඳවීමට කතා නායකවරයාට නෛතික බලයක් නොමැති බව නීති විශාරදයන් රජයට පෙන්වා දී ඇත.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00