2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

මොබයිල් ‘හලෝ’ ගාස්තු බස්සයි

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

දේශපාලන වාර්තාකරු l

ආණ්ඩුව පසුගියදා ප්‍රකාශයට පත් කළ බදු සහන යටතේ මෙතෙක් දුරකතන සංවාදවලදී අය කළ 51%ක බද්ද 40%ක් දක්වා අඩුකර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 10% ප්‍රතිශතයකට වඩා දුරකතන ගාස්තු අඩුවන්නේ දුරකතන සංවාද වෙනුවෙන් අය කළ බදු මත පනවා තිබූ තවත් බදු ගණනාවක් ලිහිල් කිරීම නිසාය.

පසුගිය කාලය පුරා ස්ථාවර බැංකු ගිණුම් හිමියන්ගේ දැඩි විරෝධයට ලක්වූ රැඳවුම් බද්ද ද සහමුලින්ම ඉවත් කර තිබේ. පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ 5% රැඳවුම් බද්ද නිසා රුපියල් ලක්ෂයක් බැංකු පොලී ආදායම ලබනවිට රුපියල් 5000ක් බදු වශයෙන් කපා ගැනුණි. දැන් එම බද්ද අහෝසිය.

කෘෂි කර්මය හා ගොවිතැනට අදාළව ගොවීන් හා සුළු කෘෂි ව්‍යාපාර හිමියන් ලබාගත් රුපියල් ලක්ෂ 500 දක්වා (කෝටි 5ක් දක්වා) වන ණයවලට අදාළ පොලිය සහමුලින්ම කපා හැර ඇති අතර ණය කපාගත නොහැකිව දඩ පොලියට යටත් වූ අයගේ දඩ මුදල් ද අහෝසි කර දැමිණි.

වීවලට අමතරව වෙනත් බෝග වර්ග සඳහා පොහොර මිටිය කලින් අලෙවි කළේ රුපියල් 1500/-කටයි. දැන් එම පොහොර මිටිය රු. 1000/- දක්වා අඩු කර තිබේ. වී සඳහා ලබාදෙන පොහොර මිටියක මිල රු. 500/-කි.
මේ හැර ඉන්ධන හා සීනි ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග ගණනාවක මිල ගණන් ද අඩු කර තිබේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01