2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය නැවතත් කල්දමයි

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:29 35

I දේශපාලන වාර්තාකරු

ජනවාරියේ පවත්වන බව කළින් ප්‍රකාශ කර තිබූ පළාත් සභා මැතිවරණය තවත් මාස තුනකින් පමණ කල්දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ගැන රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයන් අතරද අදහස් හුවමාරුවක් සිදුව ඇතැයි දැනගන්නට තිබේ.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා මහජන බැංකුවේ සභාපති ධුරය සඳහා පත්කළ සුජාතා කුරේ මහත්මිය වැඩභාර ගැනීමට පැමිණි විට ඇයට වැඩ භාර නොදී නැවත හරවා යැවීමත් ජනාධිපති කාර්යාලයට වාර්තා වී තිබිණි.

පසුගිය කාලය පුරාම මෙම මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පවත්වන්නේද නව කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේද යන්න ගැන ප්‍රධාන පක්ෂ ගණනාවක් අතර මතගැටුමක් හටගෙන තිබිණි. විශේෂයෙන්ම සුළු පක්ෂ කිහිපයක් ඒ ගැන ප්‍රශ්න මතු කළේය. එහෙත් රජය එම ප්‍රශ්නවලට සීමානිර්ණය අභියාචනා කමිටුවේදී විසඳුම් ලබාදෙන බවට ප්‍රතිඥා දී ඇත. මේ ගැටලු විධිමත් ලෙස නිරාකරණය කරගෙන ඡන්දය පැවැත්වීමට කලක් ගතවන නිසා මාස තුනකින් පමණ ඡන්දය කල්දැමෙනු ඇතිබව රජයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයෙක් දේශයට පැවසීය.

මේ වනවිට දිවයිනේ පළාත් සභා 9න් 6කම කාලය හමාර වී තිබේ. කාලය නිමවූ පළාත් සභාවල ඡන්දය කඩිනමින් නොපැවැත්වීම ගැන දැඩි විවේචනාත්මක අදහස් ඇතුළත් විශේෂ ලිපියක් පසුගියදා මැතිවරණ කොමිසම විසින්ද රජයට යොමුකර තිබිණි.

ජර්මන් තානාපතිවරයා ඇතුළු තානාපතිවරැන් ගණනාවක්ද පළාත් සභා ඡන්ද කඩිනමින් පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දී තිබිණි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01