2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

බැංකු ලොක්කන් පත් කිරීම අර්බුදයක

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

♦ ලංකා බැංකු සභාපති ඉවත් නොවේ
♦ මහජන බැංකු සභාපතිනිය හරවා යවලා

දේශපාලන වාර්තාකරු l

ජනාධිපතිවරයාගේ උපදෙස් මත බැංකු අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානයට ගනු ලැබූ තීන්දුව ක්‍රියාත්මක නොවීම නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි දේශයට වාර්තා වේ. ජනපති නියමය අනුව ලංකා බැංකු සභාපතිවරයා මෙතෙක් තනතුරින් ඉවත් වී නැත. 

සුජාතා කුරේ මහත්මියට සභාපති ධුරය භාරදෙන්නේ ඇයගේ යෝග්‍යතාව ගැන මහ බැංකුවෙන් සහතිකයක් ලැබුණොත් පමණක් යයි රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය කුරේ මහත්මියට දන්වා ඇතැයිද කියැවේ. ඇය පසුගිය කාලයේ රාජ්‍ය සේවයේ ඉහළ පදවි හෙබවූ මහා භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරියකි.

සතියක් පමණ ගතවී තිබියදීත් බැංකු පාලක මණ්ඩල පත්කර ගැනීම අර්බුදයක් බවට පත්වෙද්දී ලංකා බැංකුවේ සභාපති ධුරය සඳහා නම් කළ හිටපු අමාත්‍යංශ ලේකම්වරියක වූ ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය තමාට ලැබුණ නව තනතුර ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්ය.

එ‍හෙත් මහජන බැංකු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා කල් තබාම ඉවත්ව ගියේය. පසුව ඔහු ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල සභාපති ධූරයට පත් කැරිණි.