2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

මමයි අගමැති - රනිල් කියයි

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:31 174

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නීත්‍යානුකූලව පත්ව සිටින අග්‍රාමාත්‍යවරයා තමා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (26) රාත්‍රියේ දේශයට පැවසීය.රටේ අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට තමාට කිසිදු අපහසුතාවයක් නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූලව පත්ව සිටින අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතර බලය තමන්ට හිමිව තිබෙන බව ඊයේ රාත්‍රියේම යළිත් තහවුරු කරන්නේයැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මහජනතාවගේ වැඩි ඡන්දයෙන් සහ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් අගමැති ධූරයට පත්ව සිටින තමා සුපුරුදු ආකාරයට අගමැති තනතුරේ නිල කටයුතු ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යන බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළකළේ ඊයේ රාත්‍රිය වනවිට ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වී තිබූ තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමිනි.