2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

සභාග ආණ්ඩු එපා: ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ ජනතිට කියයි

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

I ගයාන් ගාල්ලගේ

යහපාලන රජය බිඳ දමා ඒකාබද්ධ විපක්ෂය සමඟ ආණ්ඩුවක් බිහිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු විසින් තමන්ගේ විරෝධය ජනාධිපතිවරයා හමුවී දැනුම්දීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයෙක් දේශයට පැවසීය.

පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත  යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ නිසා නැවත එම කණ්ඩායම සමඟ එක්වුවහොත් එළඹෙන මැතිවරණයකදී ජනතාව බරපතළ තීන්දු ගතහැකි බව ජනාපතිවරයාට පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

මෙහි පෞද්ගලික ගැටලුවක් නැති බවත් මෙතන ඇත්තේ ප්‍රතිපත්ති මත කෙරෙන ගනුදෙනුවක් නිසාත් ආණ්ඩු පෙරළීමේ තීන්දු ජනතාව ගත යුත්තේ මැතිවරණයේදී බවත් එම ජ්‍යේෂ්ඨයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඔවුන් ලිපියක්ද ලබාදීමට නියමිතව ඇතැයි සඳහන් වේ.